Mahindra IDEAL Finance 20 වැනි ශාඛාව කුලියාපිටියේදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන Mahindra IDEAL Finance හි 20 වැනි ශාඛාව පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේදී විවෘත කරන ලදී.

කුලියාපිටිය යනු වයඹ පළාතේ ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල වෙසෙන ජනතාට වාණිජමය වශයෙන් අතිශය වැදගත් නගරයකි. Mahindra IDEAL Finance ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන් මෙම නවතම ශාඛාව කුලියාපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ.

අංක 26, මාදම්පේ පාර, කුලියාපිටිය යන ස්ථානයේ පිහිටි මෙම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට Mahindra IDEAL Finance සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්භාවනීය අමුත්තන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

“විශේෂයෙන්ම ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල වෙසෙන ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් නිර්මාණශීලී මූල්‍ය සේවාවන් හඳුන්වා දීමට අප සෑම විටම උත්සාහ කරනවා. මේ සඳහා රට පුරා ආර්ථික හා වාණිජමය වශයෙන් වැදගත් වන ප්‍රදේශ රාශියක් අප මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. මෙම ප්‍රදේශ වල ශාඛා පිහිටුවීම මගින් වැඩි පිරිසක් වෙත අපගේ සේවාවන් සමීප කරවීමට පුළුවන්. කුලියාපිටිය යනු එවැනි ප්‍රදේශයක්. එම ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් රාශියක් Mahindra IDEAL Finance හි සේවාවන් ලබාගැනීමට කැමැත්තෙන් සිටින බව, අප කළ සමීක්ෂණ මගින් පෙනී ගියා. කුලියාපිටිය ප්‍රදේශයේ අපගේ නවතම ශාඛාව පිහිටුවීමට අප කටයුතු කළේ ඒ නිසයි. ඉදිරියේදී තවත් ප්‍රදේශ රැසක අපගේ ශාඛාවන් විවෘත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපගේ කුලියාපිටිය ශාඛාව වෙත පැමිණ, අප ලබාදෙන සුවිශේෂී සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නා මෙන් මෙම ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් සියලුම දෙනාට අප ආරාධනය කර සිටිනවා.” Mahindra IDEAL Finance සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු සමන් ධර්මසිරි මහතා පැවසී ය.

Mahindra and Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමක් වන Mahindra IDEAL Finance Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය ආයතනයක් සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක් වේ.

2012 වසරේදී එය ආරම්භ වූයේ ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල ගනුදෙනුකරුවන්ට සේවාවන් සැපයීමේ අරමුණිනි. මේ වනවිට එම සමාගම රන් ණය සහ පුද්ගලික ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂි රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති අතර, ආයෝජකයන්ට සිය ආයෝජන සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභද පිරිනමයි. Mahindra Finance සමාගම විසින් බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගැනීම තුළින් Mahindra සමග ඒකාබද්ධ වූ Mahindra IDEAL Finance වෙත Fitch Ratings Lanka විසින් AA-(lka) ශ්‍රේණිය (ස්ථාවර ඉදිරි දැක්ම) පිරිනමා තිබේ.

Visits: 61