CSE ඇප් ඩවුන්ලෝඩ් කිරීමෙන් Scope Cinema හි ටිකට් පත් 20ක් දිනා ගැනීමට අවස්ථාව

කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) ජංගම දුරකතන ඇප් වැඩසටහන ඩවුන්ලෝඩ් කර එහි ලියාපදිංචි වන්නන් වෙත කොළඹ සිටි සෙන්ටර්හි (CCC) Scope Cinemas හි සිනමා පට නැරඹීම සඳහා ටිකට් පත් දෙකක් නොමිලේ පිරිනමන බව එම හුවමාරුව සඳහන් කරයි.

2022 මැයි 15 වැනිදාට පෙර මෙම CSE ඇප් වැඩසටහන ඩවුන්ලෝඩ් කර ලියාපදිංචි වන CSE පරිශීලකයන් සඳහා මෙම අවස්ථාව උදා වන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

මෙහිදී වාසනාවන්ත ජයග්‍රාහකයන් 10 දෙනෙකු තෝරා ගැනීමට කටයුතු යොදන අතර, ලබාදෙන සමස්ත ටිකට් පත් සංඛ්‍යාව 20කි.

මෙම තරගයේ ජයග්‍රාහකයන් ලබන මැයි 17 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

මේ දිනවල CCC Scope Cinema හි තිරගත කෙරෙන Doctor Strange, Memory සහ the Unbearable Weight of MASSIVE TALENT යන සිනමාපට නැරඹීම සඳහා මෙම ටිකට් පත් ලබාදීම සිදු වෙයි.

Visits: 86