ZTE A71 – ගෙවන මිලට සුවිශේෂී වටිනාකමක් දෙන ස්මාර්ට් දුරකථනයක්

1985 දී ආරම්භ වූ ZTE සමාගම දශක 2 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දුරකථන සන්නිවේදන උපාංග සපයා තිබේ. මෙම අත්දැකීම් සම්භාරය තුළින් පන්නරය ලබමින් එම සමාගම මේ වනවිට නවීනතම තාක්ෂණයෙන් හා විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකථන එකතුවක් වෙළඳපොළට හඳුන්වා දී ඇත.

ස්මාර්ට් දුරකථන ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන සමාගමක් වශයෙන් ZTE හි ප්‍රධානතම අරමුණ වූයේ, පාරිභෝගිකයන් ගෙවන මිලට උපරිම වටිනාකමක් හිමිවන ස්මාර්ට් දුරකථන එකතුවක් හඳුන්වා දීම ය. ඒ අනුව, විශේෂයෙන්ම අනෙකුත් සන්නාම යටතේ පැමිණෙන ‘Midrange’ මට්ටමේ දුරකථන වල ඇතුළත් විශේෂාංග සියල්ලම පාහේ ඇතුළත්, එහෙත් ඊට වඩා සහදනායී මිලකට ලබාගත හැකි ZTE මාදිලි පෙළ වෙළඳපොළට හඳුන්වා දෙන ලදි.

රු. 46,9999/- කට මිලදීගත හැකි ZTE A71 මාදිලිය, මේ අතර කැපීපෙනෙන සුවිශේෂී මාදිලියකි. වඩාත් මිලෙන් අධික දුරකථනයකට සමාන අලංකාර නිමාවකින් යුත් මෙය, නිල්, අළු සහ කොළ වර්ණ වලින් මිලදීගත හැකි වේ. එහි පසුපස කැමරා පද්ධතිය 16MP ප්‍රධාන කැමරාව, 8MP ultrawide lens සහ 2MP depth sensing camera වශයෙන් කැමරා තුනකින් යුක්ත ය. සුපැහැදිලි සෙල්ෆි ඡායාරූප ලබාගැනීම සඳහා එහි ඉදිරිපස 8MP කැමරාවක් යොදා තිබේ.

4GB මතක ධාරිතාවක්, 3GB RAM, සහ Octa-core chipset සහිත ZTE A71 මාදිලිය එදිනෙදා අවශ්‍යතා සඳහා මෙන්ම mobile gaming සඳහාද ඉතාමත් සුදුසු ය. Chipset තුළ යොදා ඇති IMG GE 8322 GPU මෙන්ම 6.5-inch IPS තිරය, mobile gaming වල යෙදීම වඩාත් සුවිශේෂී අත්දැකීමක් බවට පත්කරයි. තවද මෙම මාදිලියට gyroscope sensor එකක් යොදා ඇති නිසා, දෑත් මත රඳවාගෙන චලනය කිරීමෙන් game inputs ලබාදීමට හැකි වේ. එමෙන්ම ZTE A71 මාදිලියට 4,000mAh බැටරියක් යොදා ඇති නිසා එහි ආරෝපණය දිගු වෙලාවක් පවතී.

ඉහත සියල්ල සලකා බලන විට, ZTE A71 යනු දැනට වෙළඳපොළේ පවතින ස්මාර්ට් දුරකථන අතරින්, ගෙවන මිලට ඉහළම වටිනාකමක් ලබාදෙන ස්මාර්ට් දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැක. රු. 46,999/- ක් වැනි පහසු මිලකට මිලදී ගත හැකි නිසා, සාමාන්‍ය දුරකථන පාරිභෝගිකයන් අතර මෙන්ම mobile gaming සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන්නන් අතරද මෙය අතිශයින් ජනප්‍රිය වනු නො-අනුමාන ය.

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට දැන් www.singersl.com වෙබ් අඩවිය ඔස්සේ හෝ සිංගර් ප්‍රදර්ශනාගාර සහ දිවයින පුරා අලෙවි නියෝජිතයන් වෙතින් ZTE ස්මාර්ට් දුරකථන මිලදීගත හැක.

ZTE යනු ලොව දුරකථන සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රමුඛයෙකි. 1985 දී ආරම්භ වූ එම සමාගම Hong Kong සහ Shenzhen කොටස් වෙළඳපළවල ලැයිස්තුගත වී තිබේ. ZTE සමාගම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කර තවමත් දීර්ඝ කාලයක් ගත වී නොතිබුණද, වසර 20 කට අධික කාලයක් තිස්සේ එම සමාගම මෙරට දුරකථන සමාගම් සඳහා උපකරණ හා උපාංග සපයා තිබේ. මේ වනවිට රටවල් 160 කට අධික සංඛ්‍යාවක පාරිභෝගිකයන්, සමාගම් හා ආයතන සමග ගනුදෙනු කරන ZTE සමාගමේ දැක්ම වන්නේ, සියලුම දෙනා වෙනුවෙන් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම ය.

Visits: 59