හිටපු ජනපති දියණියගේ දැන්වීම් ආයතන වෙත හිමි වූ කොන්ත්‍රාත්තු ගැන චෝදනාවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් පවත්වාගෙන ගිය දැන්වීම් ආයතන දෙකක් සිය පාලන කාලය තුළදී ලබාදුන් බව පැවසෙන කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් ඔහුගේ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයෙකු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස හඳුන්වා ගන්නා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ඕෂළ හේරත් මහතා විසින් මෙම සටහන තබා තිබේ.

“මෛත්‍රී ජනාධිපතිගේ මාධ්‍ය අංශයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂක හැටියට කියන්නේ, Red Cherry/ Media Gang කියන දුවට අයිති advertising company වලට ජනාධිපති තාත්තා තම මාධ්‍ය අංශයේන්ම දිපු ක්‍රොන්ත්‍රාත් ටිකම ඇති, දුෂණයේ තරම කියන්න.“ යනුවෙන් එහි සඳහන්ව තිබේ.

එසේම මෙහිදී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ඔහු “ඒ ෆයිල් නැද්ද දන්නේ නෑ” යනුවෙන්ද විමසා ඇත.

ඕෂල හේරත් මහතා යනු බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තිබී හමුවීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ පුත්‍රයාය.

Visits: 191