සණස සංවර්ධන බැංකුව රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීම ජූනි 21 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සණස සංවර්ධන බැංකුව පීඑල්සී බැංකුව (SDB.N0000) නිවේදනය කර ඇති ලාභාංශ ගෙවීම ලබන ජූනි 21 වැනිදා සිදු කෙරෙන බව පවසයි.  

මෙහිදී බැංකුව මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමට යෝජනා කෙරී ඇත.

මෙය 2021 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බව සණස සංවර්ධන බැංකුව පවසයි.

මෙහිදී ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මැයි 31 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවිය යුතුව ඇති බවත්, එම අනුමැතිය ලබා ගැනීම මීළග වාර්ෂික මහා සභා රැස්වීමේදී ගැනීමට නියමිත බවත් බැංකුව පවසයි.

ඒ අනුව සණස සංවර්ධන බැංකුවෙහි මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන මැයි 30 වැනිදා පැවැත්වීමටද මෙහිදී තීරණය කෙරී තිබේ.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී සණස සංවර්ධන බැංකුවෙහි කොටසක වටිනාකම රුපියල් 25.10ක් ලෙස සටහන් විය. එය ඊයේ දිනයේ පැවැති රුපියල් 26.00ට සාපේක්ෂව ශත 90ක් එනම් 3.46%ක වටිනාකම් අඩුවීමකි.

Visits: 55