හරිස්චන්ද්‍ර මිල්ස් වෙතින් කොටසකට රුපියල් 25ක් බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම (HARI.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 25ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව පැවසෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස 2022 ජුනි 03 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මැයි 13 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

හරිස්චන්ද්‍ර සමාගම සිය අවසන්වරට ලාභාංශ ගෙවීමක් සිදු කර තිබුණේ 2021 ඔක්තෝබර් මාසයේදීය. එහිදී සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 30ක් බැගින් ලාභාංශ ගෙවීම සිදුවිය. එය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබාදුන් අවසන් ලාභාංශ ගෙවීමද විය.

Visits: 137