ඩිල්මා සිලෝන් ටී කම්පැනි වෙතින් රුපියල් 25 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගම (CTEA.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 25 ක් බැගින් ලාභාංශ ගෙවන බව ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි. මෙම මූල්‍ය වර්ෂය සඳහා වන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස එම සමාගම කොටසකට රුපියල් 15.00ක් බැගින් ලබා දිම සිදු විය.

මෙහිදී  මෙම දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවන දිනය ලෙස 2022 මැයි 25 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස මැයි 13 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 111