එයාර්ටෙල් ලංකා සිය 3G data නවතා දමයි – 4G ජාලය ශක්තිමත් කරයි

සිය ජාලයෙහි අමතර LTE bandwidth වැඩි දියුණු කිරීම සඳහා 3G data සේවාව නවතා දමන බව එයාර්ටෙල් සමාගම නිවේදනය කරයි. මෙමඟින් එයාර්ටෙල් ලංකා සමාගමේ 4G/5G සේවා වඩාත් වැඩිදියුණු වන අතර පරිශීලකයන්ට වේගවත් සහ අඛණ්ඩ සේවාවක් ලබා දෙයි.

එසේම මෙම පියවර මඟින් data සේවාවල වේගය 50%කින් වැඩි වන අතර එයාර්ටෙල් ජාලයේ තිබෙන තදබදය සහ අවහිරය විශාල ලෙස අවම වනු ඇතැයිද සමාගම සඳහන් කරයි.

මේ වසරේ (2022) ජූනි 24 වැනිදා සිට 3G data සේවා නවතා දැමේ. කෙසේ නමුත් 2G ජාලය අඛණ්ඩව ක‍්‍රියාත්මක වන බවත් 2G සහ 3G පාරිභෝගිකයන්ට කිසිදු බාධාවකින් තොරව voice සහ sms සේවාවලට ප‍්‍රවේශ විය හැකි බව ද එයාර්ටෙල් ලංකා සමාගම අවධාරණය කරයි.

එමෙන්ම සිය පරිශීලකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් 4G වෙත මාරු වී ඇති බවත් ඔවුන් එහි ප‍්‍රතිලාභ භුක්තිවිඳිමින් සිටින බවත් එයාර්ටෙල් සමාගම තහවුරු කරයි. දැනට 3G data පහසුකම් සහිත devices භාවිත කරන පරිශීලකයින් 4G devices වලට මාරු විය යුතු අතර මේ සඳහා පහසුකම් සැපයීමටට එයාර්ටෙල් සමාගම ප‍්‍රධාන පෙළේ අලෙවිකරුවන් කිහිපදෙනකු සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර ඔවුන්ගෙන් දැරිය හැකි මිල ගණන් යටතේ 4G devices වෙත පහසුකම් සපයා ඇත. එමෙන්ම 3G පහසුකම් පමණක් ඇති සියලූ පරිශීලකයන් 4G වෙත මාරු වීමේදී ඔවුන්ට  ඕනෑම වෙලාවක භාවිත කළ හැකි 4G data, 60GB නොමිලේ ලැබේ.

එයාර්ටෙල් යනු ලෝකයේ උසස් මට්ටමේ 4G ජාල ආවරණයක් ඇති සන්නිවේදන සේවා සමාගමක් වන අතර ඔවුන් මේ වනවිට ශ‍්‍රී ලංකාව තුළ 5G ජාලය ද ස්ථාපිත කර ඇත. සිය පරිශීලකයන්ට බාධාවකින් තොරව වීඩියෝ නැරඹීම (99% buffering රහිත), වේගවත් ප‍්‍රවේශය (quicker loading times) වැඩිදියුණු කළ ගෘහස්ත 4G ආවරණයක් දෙන බවට ද එයාර්ටෙල් සමාගම සහතික වෙයි. මීට අමතරව එයාර්ටෙල් සමාගම සිය පරිශීලකයන්ට දැරිය හැකි, ගුණාත්මකභාවයෙන් ඉහළ සහ විශ්වාසනීය Freedom packs රැසක් ද හඳුන්වා දී තිබේ.

Visits: 81