ශ්‍රී ලංකා මහ බැංකුව 2021 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 72 වැනි වාර්ෂික වාර්තාව හෙවත් 2021 වසර වසර සඳහා වන මහ බැංකු වාර්තාව ඊයේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතින් මුදල් ඇමති අලි සබ්‍රි මහතා වෙත පිරිනැමීම සිදු විය.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව මෙම මහ බැංකු වාර්තාව නිකුත් කෙරී තිබේ.

මෙම අවස්ථාව සඳහා භාණ්ඩාගාර ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ඒ ආර්. කේ. විජේසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එස්. ජෙගජීවන් සහ ආචාර්යඊ.ඩබ්ලිව්.කේ.ජේ.බී ඇහැලේපොල මහතාද එක්ව සිටි බව මහ බැංකුව පවසයි.

Visits: 123