Daraz හා LIIN එක්ව SME ව්‍යවසායකයන් සඳහා වැඩමුළු මාලාවක් පවත්වයි

Daraz ශ‍්‍රී ලංකා Lanka Impact Investing Network (LIIN) සමග එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවක් සංවිධානය කිරීමට සැලසුම්කොට ඇත.

වැඩමුළු මාලාව වෙත සහභාගී වන ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සඳහා පුළුල් මෙන්ම වඩාත් තිරසාර වෙළෙඳපොළක් සකස් කර දීම වෙනුවෙන් Daraz Seller ලියාපදිංචි කිරීම හෙවත් Daraz විද්‍යුත් වාණිජ වෙබ් අවකාශයේ විකුණුම් කටයුතු කිරීමේ පහසුකම් සලසා දේ.

Daraz හා LIIN සහයෝගීතාවයෙන් දියත් කෙරෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ වැඩමුළු මාලාවේ ආරම්භය ලෙස දකුණු පළාතේ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ වැඩමුළුවක් පසුගියදා පැවැත්වූයේ ශ්‍රී ලාංකීය ආර්ථික සංවර්ධනය කෙරෙහි කාන්තාවගේ සක‍්‍රීය දායකත්වය අගය කිරීමේ බලාපොරොත්තුවෙනි. Daraz Seller විකුණුම්කරුවෙකු ලෙස විද්‍යුත් වාණිජ අවකාශයක කටයුතු කරන ආකාරය පැමිණ සිටි කාන්තා ව්‍යවසායිකාවන්ට සජීවී උදාහරණ ආශ‍්‍රයෙන් පැහැදිළි කරමින් Daraz සමග ලියාපදිංචි වීම, විකුණුම් කටයුතු සිදුකිරීම හා විකුණුම් මුදල් ලබාගැනීම දක්වා අත්දැකීම් ලබා දීම එහිදී සිදු කෙරිණ.

Daraz ශ්‍රී ලංකා අලෙවි ප‍්‍රධානී සයේඞ් මීරා වැඩමුළුව පිළිබඳ අදහස් දක්වමින්” “වැඩමුළුවට පැමිණි කාන්තාවන්ට Daraz සමග විකුණුම් සිදුකරන ආකාරයත් විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රය පිළිබඳවත් අප ඉතා හොඳින් පැහැදිළි කළා. ඔවුන් දැනට ගනුදෙනු කරන සීමිත පාරිභෝගික අවකාශයෙන් ඔබ්බට ගොස් Daraz සමග රැඳී සිටින මිලියන දෙකකට අධික පාරිභෝගිකයන් සිටින පුළුල් වෙළෙඳපොළක විකුණුම් කටයුතු කිරීමේ අවස්ථාව දැන් ඔවුන් සතුව තිබෙනවා. Daraz සමග විකුණුම් සිදුකරන කුඩා ව්‍යාපාරිකයන්ටත් ගෘහාශ‍්‍රිත ව්‍යවසායකයන්ටත් ඉහළ විකුණුම් ප‍්‍රමාණයක් වාර්තා කරමින් බෙදාහැරීමේ වියදම් ඇතුළු වෙළෙඳපොළ අභියෝගවලට මුහුණ දීමේදී තනිව කටයුතු කරනවාට වඩා ශක්තියක් Daraz සමග කටයුතු කරද්දී ලැබෙනවා'” යයි පැවසීය.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයට කාන්තා ව්‍යවසායකයන්ගේ වැඩි දායකත්වයක් එක් කිරීම වෙනුවෙන් Daraz විසින් මාර්තු මාසයේදී “Daraz ආර්යා ශක්ති” ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. “Daraz ආර්යා ශක්ති” සමග එක්වන කාන්තා ව්‍යවසායිකාවන්ගේ විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රය පිළිබඳ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීමෙහිලා Daraz Seller Support team විසින් නොමිලේ පුහුණුව ලබාදෙන අතර පළමු මාසයේ 0% කොමිස් අයකිරීම, දින 7ක් ඇතුලත විකුණුම් පහසුකම් සැලසීම හා නොමිලේ ඇසුරුම් ද්‍රව්‍ය ලබාදීම, Daraz විකුණුම් අවකාශයේ පළ කිරීම සඳහා භාණ්ඩ නොමිලේ ඡායාරූප ගතකිරීම (free product photoshoots) වැනි විශේෂ පහසුකම් රැසක් , Daraz වෙතින් සම්පාදනය කෙරේ.

Daraz සමග එක්ව විකුණුම් සිදුකිරීම ඉතාමත් පහසු හා වේගවත් කටයුත්තක් වන අතර පැය 24 ක කාලය ඇතුලත විකුණුම් ඇරඹීම සිදු කළ හැකිය. Daraz consignment-base selling යටතේ අති නවීන ගබඩා පහසුකම් භාවිතා කිරීමත්, Daraz විකුණුම්කරුවන්ගේ භාණ්ඩ මුළු දිවයිනම ආවරණය කරන ලද අධිවේගී බෙදාහැරීමේ ක‍්‍රමවේදයෙන් හෝ කඩිනම් නැව්ගත කිරීමක් යටතේ පාරිභෝගිකයන් වෙත කඩිනමින් ළඟාකරවිය හැකිය. Daraz පසුපස සිටින විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර දැවැන්තයා Alibaba විසින් ශක්තිමත් කරනු ලබන අති නවීන මෙන්ම ආරක්ෂිත පහසුකම් රැසකින් Daraz විද්‍යුත් වාණිජ අවකාශය සමන්විතය.

Visits: 85