මහබැංකුවට අනුව ඩොලරයක වටිනාකම රුපියල් 350 ඉක්මවීම අද

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන දෛනික විනිමය අනුපාත පිළිබඳ සටහනට අනුව අද (27දා) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන විකුණුම් මිල රුපියල් 350.50ක් ලෙස සටහන් විය. එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 337.82ක් ලෙසිනි.

ඒ අනුව මහ බැංකු වාර්තාවලට අනුව එතෙක් මෙතක් කාලය තුළ එක්සත් ජනපද ඩොලරයක් සඳහා හිමි වූ වැඩිම රුපියල් වටිනාකම මෙය බවට පත්ව තිබේ.

ඊයේ (26දා) දිනයේදී ඩොලරයක විකිණුම් මිල රුපියල් 346.50ක් වූ අතර, ගැණුම් මිලරුපියල් 333.89ක් විය.

මේ අතර මෙරට ක්‍රියාත්මක අනෙකුත් බලපත්‍රලාභී රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකුවලට අනුව අද දිනයේදී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 350ත් 360ත් අතර අගයක පැවතී තිබේ.

Visits: 106