කොටස් හුවමාරුව අද සාර්ථක ආරම්භයක

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අද දිනයේදී යම් සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව අද දිනය සඳහා පෙරවරු 10.30ට ගනුදෙනු ආරම්භ වී පළමු විනාඩි 10 තුළදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,129.93ක් දක්වාද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය ඒකක 2,248.24ක් බවටද පත්ව තිබුණි.

මේ අතරින් සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 224.56ක එනම් 3.25%ක වර්ධනයක් විය. එසේම ස්ටෑන්ඩර්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 122.28ක එනම් 5.75%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

මේ අතර ගනුදෙනු ඇරඹී පළමු විනාඩි10 තුළදී රුපියල් මිලියන 710ක පිරිවැටුමක් වාර්තා කිරීමටද කොළඹ කොටස් හුවමාරුව සමත්විය.

පසුගිය අප්‍රේල් 08 වැනිදායින් පසුව පළමුවරට කොළඹකොටස් හුවමාරුව ගනුදෙනු සඳහා විවෘත කෙරුණේ පසුගිය 25 වැනිදාය. එදින සහ ඊට පසු දින (26දා) කොළඹකොටස් හුවමාරුවේ දර්ශක අගයන් පහත වැටීමත් සමගින්ම අතරමග වසා දැමීමට සිදු විය.

මෙම දින දෙකේදී කොළඹ කොටස් හුවමාරුව වෙත සිදු වූ අලාභය රුපියල් බිලියන 600ක් ලෙස ගණන් බලා තිබේ.

Visits: 1190