චීනයේ ප්‍රාථමික පාසැලක දරුවන්ගෙන් ලංකාවේ සිසුන් 1000කට රු. මිලියන 5ක ප්‍රදානයක්

චීනයේ හැන්ග්සොයු පළාතේ කායිහේ අංක 03 ප්‍රාථමික පාසැලේ දරුවන් එක්ව ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසුන් 1000කගේ අධ්‍යාපනය වෙනුවෙන් රෙන්මින්බි ලක්ෂයක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 5ක මුදලක්) ප්‍රදානය කර ඇතැයි පවසයි.

මෙම දරුවන්ට සිය එදිනෙදා වියදම් වෙනුවෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන මුදල් මෙලෙස ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ප්‍රදානය කර තිබේ.

විශේෂයෙන්ම වසංගතය සහ වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ  සුභසිද්ධිය වෙනුවෙන් මෙම ප්‍රදානය සිදු කර තිබෙන බව මේ සම්බන්ධයෙන් ට්විටර් සඳහනක් තබන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය වෙනුවෙන් මෙම මුදල් ප්‍රදානය සිදු කෙරී තිබෙන බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.

Visits: 61