අප්‍රේල් 22 වෙද්දී ඩොලරයට සාපේක්ෂව රුපියල 40.1%කින් අවප්‍රමාණය වෙලා

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට පසුගිය අප්‍රේල් 22 වැනිදා දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 40.1%කින් අවප්‍රමාණයවී ඇතැයි මහ බැංකුව පවසයි.

මහ බැංකුව ඊයේ (අප්‍රේල් 22දා) දක්වා වන සතිපතා ආර්ථික දර්ශකය ඉදිරිපත් කරමින් මේ කරුණු සඳහන් කරයි.

මේ අතර මෙම කාලසීමාව තුළදී රුපියලේ වටිනාකම ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 33.1%ක ප්‍රතිශතයකින් අවප්‍රමාණය වී තිබේ.

මීට අමතරව රුපියලේ වටිනාකම යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 37.5%කින් සහ ස්ටර්ලිං පවුම් මුදල් ඒකකයට සාපේක්ෂව 37.9%කින් අවප්‍රමාණය වී තිබේ.

මේ අතර එම කාලසීමාවේදීම ඉන්දියානු රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 38.6%කින් අවප්‍රමාණය වී ඇත.

Visits: 76