“කොටස් වෙළෙඳපොළ වෙනස්වීම්වලට මුහුණදීම“ හෙට සවස 6.30ට

කොටස් වෙළෙඳ පොළ වෙත බාහිරින් එල්ල වන කාරණා හේතුවෙන් එම වෙළෙඳ පොළ තුළ සිදුවන වෙනස්වීම්වලට මුහුණදීම සම්බන්ධයෙන් ආයෝජකයන් සහ ආයෝජනය සඳහා උනන්දුවක් දක්වන පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් හෙට පැවැත්වෙන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි නිල ෆේස්බුක් පිටුව හරහා සජීවීව පැවැත්වෙන මෙම සාකච්ඡාමය වැඩසටහන හෙට පස්වරු 6.30 සිට 7.30දක්වා පැයක කාලයක් පැවැත්වෙයි.

මෙහිදී එම වැඩසටහන මෙහෙයවීම NDB Capital Holdings Ltd සමාගමේ සහකාර උප සභාපති වජිරපානි බණ්ඩාරනායක මහත්මිය විසින් සිදු කරයි. එහි විද්වත් මණ්ඩල සම්පත්දායකයන් ලෙස Senfin Securities Ltd. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී අබේසූරිය මහතාද, CT CLSA Securities Ltd. හි විධායක අධ්‍යක්ෂ (ක්‍රමෝපාය) සංජීව ප්‍රනාන්දු මහතාද සහභාගි වෙයි.

https://www.facebook.com/csemedia වෙබ් ලිපිනය ඔස්සේ කොළඹ කොටස් හුවමාරුවෙහි ෆේස්බුක් පිටුව වෙත සම්බන්ධ විය හැකිය.

Visits: 169