ඉන්දියානු ණය ආධාර යටතේ මාස දෙකක් තුළ ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක්

පසුගිය මාස දෙකක කාලයක් තුළදී ඉන්දියාව විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට සපයා ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ. මෙහිදී ඉන්දියානු ඉන්දීය ණය ආධාර යටතේ මෙම ඉන්ධන තොග ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇත.

මෙම ඉන්ධන ලබාදීම යටතේ ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඊයේ (20දා) ශ්‍රී ලංකාවට ළඟා වූ බවත් මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන, ඖෂධ සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ලබා දෙන බව ඉන්දියාව අද ප්‍රකාශ කළ බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසා සිටියි.

Visits: 98