මහජන බැංකුවේ මුල්ලේරියාව සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයකට

මහජන බැංකුවේ මුල්ලේරියාව සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයක විවෘත කිරීම මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත් මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

මේ තුළින් මුල්ලේරියාව ප්‍රදේශයේ ජනතාවට අති නවීන ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමෙන අතර,  මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) තුළින් මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරිමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකරණ) රෝහිනි මදුරාවල, කොළඹ පිටත ප්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ,  සහකාර ප්‍රාදේශිය කළමනාකාරිනි සුධර්මා සුභාෂිණි, සහකාර ප්‍රාදේශිය කළමනාකාර නිශාන්ත ආරෝහණ, කොටිකාවත්ත ශාඛා කළමනාකාර පී.ආර් සිල්වා යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 741 කින් සමන්විත මහජන බැංකුව මිලියන 14කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

Visits: 46