නිමල් පෙරේරා 2021 අවසානයේදී නෙස්ලේ කොටස් හිමිකරුවන් අතර පස් වැනි ස්ථානයට

2021-2022 මූල්‍ය වර්ෂය අවසන් වනවිට නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමේ මුල් කොටස් හිමිකරුවන් පස් දෙනා අතරට පත්වීමට මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහත් සමත්ව ඇත.

ඊයේ (18දා) ප්‍රසිද්ධියට පත් කෙරුණු 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමේ 2021-22 වාර්ෂික වාර්තාව තුළ මේ පිළිබඳව සඳහන්ව තිබේ.

ඒ අනුව නිමල් පෙරේරා මහතා සතුව ඇති එම සමාගමේ කොටස් ප්‍රමාණය 149,878ක් ලෙස සටහන්ව ඇති අතර එය සමස්ත කොටස් අතරින් 0.28%ක ප්‍රතිශතයකි. සෙලාන් බැංකුව සමගින් ඒකාබද්ධ ගිණුමක් ලෙස මෙය පවතී.

2021 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ 2021-22 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුව අවසානයේදීද එම කොටස් ප්‍රමාණය 90,747ක් ලෙස සටහන්ව තිබූ අතර, එය 0.17%ක ප්‍රතිශතයකි.

එම අවස්ථාවේදී නිමල් පෙරේරා මහතා සමාගමේ 09 වැනි කොටස්හිමිකරුවා විය. ඒ අනුව වසර අවසන් වන විට ඒ මහතා ස්ථාන හතරක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

2021 දෙසැම්බර් 31 වැනිදා වන විට නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය ස්විස්ටර්ලන්තයේ පිහිටි නෙස්ලේ මව් සමාගම වෙත හිමිව ඇති අතර, එය කොටස් 49,400,234ක් එනම් 91.95%ක ප්‍රතිශතයකි. එසේම දෙවැනි වැඩිම කොටස් හිමිකරුවා වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ – ජීවන රක්ෂණ අරමුදලයි. එය කොටස් 264,404ක් එනම් 0.49%ක ප්‍රතිශතයකි. තෙවැනි විශාලතම කොටස් හිමිකරුවන් වන්නේ එන්. හර්මාන් නීෂා සහ ජේ.කේ.පී. සිං ජස්බින්දෙරජිත් කවුර් පිආරා සතු ඒකාබද්ධ ගිණුමයි. එය කොටස් 200,000ක් වන අතර ප්‍රතිශතයක 0.37%කි. සිව්වැනි වැඩිම කොටස්හිමිකම ඇත්තේ Deutche Bank AG හි සිංගප්පූරු ගිණුම් අංක 2යි.

Visits: 247