කලම්බු ඩොක්යාර්ඩ් වෙතින් කොටසකට රුපියල් 1.00 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1ක් බැගින් ලාභාංශ ගෙවීමට යෝජනා වී ඇත.

මෙය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බව කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම පවසයි.

මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මැයි 26 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මැයි 05 වැනිදා නම් කෙරී ඇත.

මෙහිදී ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

අවසන් වරට කොළඹ කොටස් හුවාමරුවෙහි ගනුදෙනු සිදුවුණු පසුගිය අප්‍රේල් 08 වැනිදා දිනයේදී කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 74.70ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේ එම කොටසක වටිනාකම වූ රුපියල් 71.20ට සාපේක්ෂව රුපියල් 3.50ක එනම් 4.92%ක වටිනාකම් ඉහළ යාමකි.

Visits: 44