SLIIT හි වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සිසුන්ගේ අනාගත වෘත්තීය අවස්ථා සහතික කරයි

අනාගත වෘත්තීන් සඳහා පරිපූර්ණ අවස්ථාවන් සහිතව සිසුන් සවිබල ගන්වමින් SLIIT හි වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගම්වල සහභාගීත්වය ඇතිව පසුගියදා වැඩසටහන් මාලාවක් සංවිධානය කළ බව පවසයි.

SLIIT හි වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සහ SLIIT Rotaract Club එක්ව සංවිධානය කරනු ලැබූ මෙම ‘Career Expo’ නැමති වැඩසටහන් මාලාව පසුගිය මාර්තු 11 සහ 12 යන දෙදින තුළ දී SLIIT ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.

වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ සිසුන්ට සහ උපාධිධාරීන්ට, බොහෝ ඉහළ පෙළේ සමාගම්වලින් රැකියා අවස්ථා රාශියක් සලසා දීමය. මෙම වැඩසටහන මගින් SLIIT හි උපාධි අපේක්ෂකයින් සහ උපාධිධාරීන් 500 කට වැඩි ප්‍රමාණයක් ප්‍රධාන පෙළේ සේවා යෝජකයින් හමුවීමට, සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වීමට සහ සීමාවාසික පුහුණුවට පවා සම්බන්ධ විය.

සිසුන්ගේ බුද්ධි මට්ටම් පුළුල් කරමින්, SLIIT ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන කිහිපයක් සමඟ හවුල් වී උපාධි අපේක්ෂකයින්ට ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට, සබඳතා ජාල ගොඩනඟා ගැනීමට සහ වෘත්තීන් ගවේෂණය කිරීමට අවශ්‍ය පසුබිම සහිත වේදිකාවක් සපයනු ලබයි. SLIIT හි වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සිසුන්ට රැකියා ස්ථාන ලබා ගැනීමට සහාය ලබා ගැනීම සඳහා Sysco LABS, Virtusa, IFS සහ HCL යන ප්‍රමුඛ පෙළේ තාක්ෂණ සමාගම් කිහිපයක් සමඟ වෘත්තීය දින කිහිපයක් පවත්වන ලදී.

Sysco LABS සමාගම සමග පසුගිය පෙබරවාරි 26 වන දා පැවති වැඩසටහන සඳහා උපාධි අපේක්ෂකයින් සහ උපාධිධාරීන් 300 කට වැඩි පිරිසක් සහභාගී වූ අතර, එහිදී Sysco LABS විසින් මෘදුකාංග ඉංජිනේරු සහ තත්ත්ව සහතික ස්ථානගත කිරීම් ලබා දීම විශේෂත්වයක් විය.

පසුගිය පෙබරවාරි මස 17 වන දින Virtusa ආයතනය සමග පැවති වැඩසටහන සඳහා උපාධි අපේක්ෂකයින් සහ උපාධිධාරීන් 300 කට වැඩි පිරිසක් සහභාගී විය. එහිදී Virtusa ආයතනය විසින් මෘදුකාංග ඉංජිනේරු සහ තත්ත්ව සහතික ඇතුළත් ස්ථිර රැකියා අවස්ථා 27කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කළ අතර, මේ වන විට එම ආයතනය විසින් නව උපාධිධාරීන් 120 කට වැඩි පිරිසක් ස්ථිර සේවකයින් ලෙස බඳවා ගෙන ඇත.

උපාධි අපේක්ෂකයින් සහ උපාධිධාරීන් 600 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 15 වන දින IFS සමග පැවති වැඩසටහන සාර්ථකව පවත්වනු ලැබූ අතර එහිදී IFS විසින් මෘදුකාංග ඉංජිනේරු සහ තත්ත්ව සහතික ඇතුළත් ස්ථිර රැකියා අවස්ථා 40 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කරන ලදී.

SLIIT වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය ද පසුගිය දෙසැම්බර් මාසයේ දී HCL ආයතනය සමග වෘත්තීය දිනය සංවිධානය කළේය. එම අවස්ථාවට SLIIT හි උපාධිධාරීන් සහ උපාධි අපේක්ෂකයින් 200 කට වැඩි පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහන තුළින් HCL Technologies Lanka හි පවතින විවිධ වූ පුරප්පාඩු පිළිබඳ අවබෝධයක් සහ ගෞරවනීය ලෙස තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු වීමට අවශ්‍ය බුද්ධිය ලබා ගැනීමට සිසුන්ට හැකි විය. උපාධිධාරීන් සහ උපාධි අපේක්ෂකයින්ගේ වෘත්තීය ගමන් මගෙහි සාර්ථක දියුණුවක් ඇති කිරීම සඳහා එම වැඩසටහන තුළ එක් එක් සාකච්ඡා සංවිධානය කර තිබිණි.

උපාධි අපේක්ෂකයින් සඳහා අනාගත ශ්‍රම බලකායට සාර්ථකව සම්බන්ධ වීමට අවශ්‍ය සහාය SLIIT හි වෘත්තීය මාර්ගෝපදේශ ඒකකය විසින් අඛණ්ඩව ලබාදෙන අතර, එම ඒකකය ලබන සැප්තැම්බර් මාසයේදී සිය වාර්ෂික SLIIT වෘත්තීය සතිය සංවිධානය කිරීමට ද නියමිතව ඇත. එහිදී කාර්මික ස්ථානගත කිරීම් අපේක්ෂාව ඇතිව SLIIT හි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු, මානව ශාස්ත්‍ර සහ විද්‍යා පීඨවල 3 වන වසරේ උපාධි අපේක්ෂකයින් හමුවීමට සේවා යෝජකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. මීට අමතරව ලබන මැයි මාසයේදී අවසන් වසරේ අවසාන අධ්‍යයන වාර විභාග අවසන් කරමින් 2022 සැප්තැම්බර් මාසයේදී උපාධි ලබා ගැනීමට නියමිත උපාධි අපේක්ෂකයින් ද මෙම අවස්ථාවට එක් වනු ඇත.

Visits: 80