අවම බස් ගාස්තුව රු. 27ක් වෙයි

ලංකා ගමනාගමන මණ්ඩලයට සහ පෞද්ගලික හිමිකාරීත්වය සහිත බස් රථවල ගාස්තු අද (19දා) මධ්‍යම රාත්‍රියේ සිට 35%කින් ඉහළ නැංවෙන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව දැනට අවම ගාස්තුව වන රුපියල් 20ක ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 27ක් දක්වා ඉහළ නැංවෙන බව සඳහන් වෙයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණු ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් අනුව ගලපමින් මෙම බස් ගාස්තු සංශෝධනය සිදු කෙරී තිබේ.

මෙම ඉන්ධන මිල ඉහළ දැමිම යටතේ මේ වනවිට ලංකා අයිඕසී සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල්වල පෙට්‍රොල් (92 ඔක්ටේන්) ලිටරයක මිල රුපියල් 338ක් ලෙසත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289ක් දක්වාත් ඉහළ නැග තිබේ.  

Visits: 66