දිමුත් සහ චරිත් NDB සන්නාම තානාපතිවරුන් බවට පත්වෙයි

NDB බැංකුව 2022 වසර සඳහා සිය සන්නාම තානාපතිවරුන් ලෙස මෙරට ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ T20 කණ්ඩායමේ උපනායක චරිත් අසලංක පත් කරගත් බව එම බැංකුව පවසයි.

බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න සහ ජ්‍යෙෂ්ට උප සභාපති සංජය පෙරේරා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම එකඟතාවට අත්සන් තැබීම සිදුව තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා, NDB වෙළෙඳ නාමය වෙනුවෙන් දිමුත් කරුණාරත්න මෙතෙක් ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් ස්තූතිය පුද කර තිබේ. එසේම චරිත් අසලංක මෑතකදී T20 කණ්ඩායමේ උප නායකයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන්ද ඔහු සිය සුබපැතුම් එක් කර ඇත.

මෙලෙස සන්නාම තානාපතිවරුන් ලෙස පත් කරගැනීමෙන් අනතුරුව ඉදිරියේදී පැවැත්විමට නියමිතව ඇති T20 ලෝක කුසලානයද ඇතුළුව මෙම 2022 වසර පුරාම පැවැත්වෙන ඉසව් සඳහා ඔවුන් සිය දායකත්වය ලබා දෙනු ඇති බවත්, ඊට අමතරව බැංකුව මගින් සිදු කරන විවිධ ඩිජිටල් නවෝත්පාදන අවස්ථාවවන් වෙත සම්බන්ධ වෙනු ඇති බවත් NDB බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 62