ලන්ඩනයේ Ealing Rugby Club හි 15 න් පහළ රග්බි කණ්ඩායම මෙරටට

මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තවදුරටත් අඛණ්ඩ සහය ලබාදෙමින්, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර Ealing Rugby Club හි 15 න් පහළ රග්බි කණ්ඩායම මෙරටට රැගෙන ආ අබව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.

මෙහිදී එම කණ්ඩායමට අමතරව ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස මෙම පිරිස පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙම කණ්ඩායම කොළඹ සහ මහනුවර දී තරඟවලට සහභාගීවිමට නියමිතයි.

Walkers Tours සමාගම මෙම කණ්ඩායමේ මෙරට සංචාරක නියෝජිත ආයතනය වන අතර, ඔවුන් සමඟ සතියක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇතැයිද සඳහන් වෙයි.

එක්සත් රාජධානියේ විශාලතම ස්වාධීන සංචාරක සමාගමක් වන Trailfinders විසින් මෙම කණ්ඩායම සඳහා අනුග්‍රහය දක්වා තිබේ.

Visits: 44