ඩොලරය හමුවේ රුපියල 33%කින් අවප්‍රමාණය වෙලා – මාර්තු වන විට සංචිත ඩො.බිලියන 1.9යි

2022 වසරේ ආරම්භයේ සිට ඊයේ (අප්‍රේල් 08) වැනිදා දක්වා කාලය තුළදී එක්සත් ජනපද ඩොලරය සාපේක්ෂව රුපියලේ අගය 33%කින් අවප්‍රමාණය වී ඇතැයි මහ බැංකුව පවසයි.

ඊයේ එළිදැක්වුණු 2022 වසරේ 03 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය තුළ මහ බැංකුව මේ බව සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම මෙම මාසය මුදලදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව නම්‍යශීලීව පා කිරීමට මහ බැංකුව තීරණය කිරීමත් සමගින්ම මෙලෙස රුපියලේ අගය අවප්‍රමාණය වීම සිදුව තිබේ.

මේ අතර පසුගිය මාර්තු 31 වැනිදා වනවිට ශ්‍රී ලංකාව සතු නිල විදේශ මුදල් සංචිතය එක්සත් ජනපදය ඩොලර් බිලියන 1.9ක් වූ බවත් මෙම මුදල් ප්‍රතිපත්ති විවරණයේදී අනාවරණය වී තිබේ.

මීට අමතරව මෙරට උද්ධමනය අද වන විට 17.5%ක අගයක් ගන්නා බවත්, ලබන මාසයේදී එය 25%ත් 28%ත් අගයකට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇති බවත් නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඊයේ රාත්‍රියේදී පැවැති රූපවාහිනි සාකච්ඡාවකදී පවසා සිටියේය.

Visits: 145