BRANDS Annual අනුව 2022 දී ජනතාවගේ ආදරය දිනාගත් වෙළෙඳ නාම 50

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව ජාත්‍යන්තර වෙළෙඳ නාම සමීක්ෂණ ආයතනයක් වන Brand Finance හා එක්ව 2022 වසරේදී මෙරට ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් වෙළෙඳ නාම 50 ප්‍රසිද්ධියට පත් කර සිටියි.

එම සඟරාව මගින් ප්‍රකාශයට පත් කරන BRANDS Annual සඟරාවේ 2022 සංස්කරණයේ මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව මේ වසරේ ජනතාවගේ ආදරය දිනාගත් වෙළෙඳ නාමය බවට පත්ව ඇත්තේ රෙකිට් බෙන්කිසර් සමාගමේ ඩෙටොල් වෙළෙඳ නාමයයි. එය ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 96.14කි. පසුගිය වසරේදී ඩෙටෝල් මෙම දර්ශකයේ දෙවැනි ස්ථානයේ පසුවිය. මෙවර දෙවැනි ස්ථානය යුනිලිවර් සමාගමේ ලයිෆ්බෝයි වෙළෙඳා නාමයට හිමිව ඇති අතර හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 96.62කි. ලයිෆ්බෝයි පසුගිය වසරේ 6 වැනි ස්ථානයේ පසුවිය.

ඒ අනුව මෙම වසරේදී සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව හා සම්බන්ධ වෙළෙඳ නාම වැඩි වශයෙන් ජනතාව අතර ආදරය දිනා ගැනීමට සමත්ව තිබේ.

එසේම පසුගිය වසරේ මුල් ස්ථානයේ පසු වුණු යුනිලිවර් සමාගමේ සන්ලයිට් වෙළෙඳ නාමය මේ වසරේදී තෙවැනි ස්ථානයට පත්ව තිබෙන අතර, ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 93.10කි.

මෙම වෙළෙඳනාමවලට අමතරව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත, පැනඩෝල්, හාර්පික්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය, එලිෆන්ට් හවුස්, මංචී, මැලිබන්, සම්පත් බැංකුව, ඇට්ලස්, විම්, නෙස්ටොමෝල්ට්, ලාඕජී, බේබි ෂෙරමි, මයිලෝ, මහජන බැංකුව, සමහන්, ජොන්සන්ස් බේබි, සිග්නල්, කාර්ගිල්ස් ෆුඩ් සිටි, ඩයලොග්, පෙයාර්ස්, ලංකා බැංකුව, වැස්ලින්, ඊවා, කීල්ස්, ඔසුසල, එස්එල්ටී-මොබිටෙල්, සිද්ධාලේප, ඇස්ට්‍රා, මාර්මයිට්, සමපෝෂ, වටවල තේ, කාර්ගිල්ස්, සර්ෆ් එක්සෙල්, සැම්සුන්ග්, කොමර්ෂල් බැංකුව, ඇන්කර්, ක්ලෝගාර්ඩ්, කොම්ෆෝර්ට්, සිලෝන්ටා, රත්ති, එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා, අයඩෙක්ස්, කැන්ඩොස්, සුදන්ත, බජාජ් සහ ග්ලෝ ඇන්ඩ් ලව්ලි යන වෙළෙඳ නාම මෙම මුල් 50 අතර ඇත.

Visits: 190