2022 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනය 2.4%යි – උද්ධමනය 13.3%යි – ADB කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2022 වසරේදී 2.4%ක් දක්වා අඩුවීමක් පෙන්නුම් කරනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව සිය පුරෝකතනයක් මගින් පවසයි.

එම බැංකුව මගින් වාර්ෂිකව නිකුත් කරන Asian Development Outlook (ADO) වාර්තාව ඉදිරිපත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව මේ බව සඳහන් කර සිටියි. 2021 වසරේදී එය 3.7%ක අගයක් ගෙන තිබුණි.

ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් පසු දක්වන සාර්ථක යථාවත්වීම මැදදීම, ඉහළ ණයබරතාව නිසා ඇතිව තිබෙන සාර්ව ආර්ථික අභියෝග, අඩු විදේශ සංචිත සහ උද්ධමන පීඩනය යනාදී කාරණා හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම ආර්ථික වර්ධන තත්ත්වය හිමි කරගනු ඇතැයි මෙම වාර්තාව හරහා සඳහන් කර තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික වර්ධනය 2023 වසර වනවිට 2.5%ක් දක්වා සුළු වශයෙන් වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයිද එහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.

මෙහිදී අදහස් දක්වන ආසියානු සංවර්ධන බැංකුවෙහි දකුණු ආසියාව සඳහා වන කලාපීය ආර්ථික උපදේශක රානා හසන්, “විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වෙත එල්ල වූ COVID-19 රැළි කිහිපයකින්ම ආර්ථික කටයුතු යථාවත් කරගැනීමට ශක්තිමත්ව ක්‍රියාත්මක කෙරුණු එන්නත්කරණ ක්‍රියාවලිය හේතුවක් වුණා.* යනුවෙන් පවසයි.

එසේම ශ්‍රී ලංකාව සතු අධික ණයබර තාවයෙන් මිදීම, දරුණු විදේශීය මූල්‍යමය පහසුකම්වල අවශ්‍යතාව, බලශක්ති හිඟතාව, ඉහළ උද්ධමනය සහ ඉක්මණින්ම සාර්වආර්ථික ස්ථායිතාව ඇති කිරීම සහ ණය ස්ථායිකරණය යනාදී කාරණා මෙම ආර්ථික වර්ධනය සඳහා අතිශය වැදගත් අවස්ථාවක් වන බවත් ඔහු පෙන්වා දෙයි.

මේ අතර 2021 දී 6.0෴ක්ව පැවැති ශ්‍රී ලංකාවේ උද්ධමනය 2022 වසරේදී 13.3%ක අගයක් ගනු ඇති බවත්, එය 2023 දී 6.7%ක අගයක් බවට පත්වෙනු ඇති බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි.

Visits: 98