ඇවන්ට්-ගාර්ඩ් සභාපති සේනාධිපති රට හැර ගිහින්?

ඇවන්ට්-ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඊයේ දිනයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා මාලදිවයින වෙත පිටත්ව ගොස් තිබෙන බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.

මෙහිදී ඊයේ පෙරවරු 8.20ට මාලදිවයින වෙත පියාසර කිරීමට නියමිතව තිබූ UL -102 දරන ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන් යානයෙන් ඔවුන් මෙලෙස රට හැර ගොස් තිබෙන බව සඳහන් වෙයි.

පුවත්පතේ ගුවන් තොටුපොළ වාර්තාකරුට අනුව මෙම අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ආරක්ෂිත කැමරා පද්ධතිය අක්‍රිය කර ඇතැයිද සඳහන් වෙයි.

මෙම සිදුවීම පිළිබඳව ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ විමර්ශනයක් අරඹා තිබෙන බවත් පුවත්පත වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 161