ලිට්‍රෝ ගෑස් වෙතින් නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට අයත් සුදු පැහැති පසුබිමෙහි කොළ පාට ලාංඡනය සහිතව මුද්‍රා තබන ලද ගෑස් සිලින්ඩර් වෙළෙඳ පොළට නිකුත් කර තිබෙන බව එම සමාගම පවසයි.

පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට මෙලෙස එම ගෑස් සිලින්ඩර් නිකුත් කර තිබෙන බවත්, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර මේ අතර වන බව සියලුම පාරිභෝගිකයන්, වෙළෙඳ නියෝජිතයන් සහ බෙදාහරින්නන් වෙත දන්නා සිටින බවත් සමාගම නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

මේ අතර මීට පෙර වෙළෙඳ පොළට නිකුත් කරන ලද සුදු පසුබිමේ රතුපාටින් ලාංඡනය සහිත මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරද වෙළෙඳ පොළෙහි පවතින බවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 293