ATM/CDM යන්ත්‍ර ක්‍රියාවිරහිතවීම් ගැන බැංකු කිහිපයකින්ම නිවේදන

දැනට රටතුළ පවතින විදුලිය විසන්ධි කිරීම් හේතුවෙන් සිය බැංකු ශාඛාවල සහ අනෙකුත් ස්ථානවල පිහිටුවා ඇති ATM/ CRM සහ CDM යන්ත්‍ර තාවකාලිකව විසන්ධි වීමට හැකියාව පවතින බව මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක්ම සිය පාරිභෝගිකයන් වෙත දැනුම් දී සිටියි.

එසේම බැංකු තුළ පවතින සන්නිවේදන පහසුකම්ද මෙම විදුලි බිඳ වැටීම් හේතුවෙන් අඩපණ වීමට හැකියාවක් ඇති බවත් එම බැංකු පෙන්වා දෙයි.

එහිදී පාරිභෝගිකයන් ලෙස ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද එම බැංකු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 127