එළඹෙන උත්සව සමය වෙනුවෙන් HNB කාඩ්පත් හිමියන්ට විශේෂ වට්ටම් සහ දීමනා

මෙවර උත්සව සමය උත්සවශ‍්‍රීයෙන් සැමරීම සඳහා සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් සමඟින් නොයෙකුත් දීමනා ලබා දීමට හැටන් නැෂනල් බැංකුව මෙවරත් කටයුතු කර ඇත. 

HNB සමඟ අත්වැල් බැඳගෙන ඇති සියලූ වෙළෙඳ සන්නාම, online සහ විලාසිතා අලෙවිසැල්, අවන්හල්, Super Markets, හෝටල්, අධ්‍යාපන ආයතන, රෝහල් වලින් සහ රක්ෂණ ගෙවීම් සඳහා 2022 අපේ‍්‍රල් දක්වා මෙම වට්ටම් හිමිකර ගත හැකිය. මීට අමතරව ඉන්ධන සඳහා සිදු කරන ගනුදෙනු සහ මුදල් අත්තිකාරම් හැරුණු විට රුපියල් 30,000 සිට රුපියල් මිලියනක් දක්වා සිදු කරන  ඕනෑම ගනුදෙනුවක් සඳහා HNB මාස 12ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුමක් ලබා දෙයි.

තවද, තෝරාගත් අලෙවි සැල්වලින් විදුලි උපකරණ, ගෘහ උපකරණ, අගනා ස්වර්ණාභරණ සහ වාහන අමතර කොටස් මිලදී ගැනීමේදී වෙනත් අමතර ගාස්තුවක් නොමැතිව විශේෂ වට්ටම් සහ පහසු වාරික ගෙවීමේ සැලසුම් මගින් පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ ලබා ගත හැකි වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කාඞ්පත් අංශයේ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවේ ”අවුරුදු සමය යනු සියලූම ශ‍්‍රී ලාංකිකයින්ට සංස්කෘතිකමය හා පෞද්ගලිකව සුවිශේෂී වැදගත්කමක් ඇති කාලවකවානුවක්. සිතැඟි පරිදි අවුරුදු සැමරීමට නම් විශාල වියදමක් දැරීමට සිදු වෙනවා. විශේෂයෙන් මෙවැනි අසීරු කාලවලදී අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකාරභවතුන්ට හා හවුල්කරුවන්ට උපරිම වටිනාකමක් ලබා දීම සඳහා විශේෂිත වට්ටම් සහ දීමනා ලබා දෙන බව සහතික කිරීමට අපට අවශ්‍ය වුණා.” යනුවෙනි.

මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළ පාරිභෝගිකයින්ට 50%ක් දක්වා වට්ටම් ලබා දීමට HNB දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ online වෙළෙඳ වෙබ් අඩවි සහකරුවන් සමඟ අත්වැල් බැඳගෙන ඇත. ඒ අනුව PickMe Market විසින් රුපියල් 4000 ට වැඩි සියලූම අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ බිල්පත් සඳහා රුපියල් 500 ක මිල අඩු කිරීමක් ද HNB ක්‍රෙඩිට් කාඞ්පත්වලින් සිදු කරනු ලබන රුපියල් 2000 ට වැඩි බිල්පත් සඳහා Pickme Food වෙතින් රුපියල් 400 ක වට්ටමක් ද ලබා දෙනු ඇත.

තවද දිවයිනේ ජනප‍්‍රිය වෙළඳසැල් සහ විලාසිතා සන්නාම කිහිපයක් ද පාරිභෝගිකයින්ට මෙම සුවිශේෂී වට්ටම් හා දීමනා ලබා දීමට HNB සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. ඒ අනුව පාරිභෝගිකයින්ට තෝරාගත් වෙළෙඳසැල් වෙතින් 50%ක් දක්වා වට්ටමක් සමඟ මාස 48 ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු වාරික ගෙවීමේ සැලසුම් යටතේ නිෂ්පාදන මිලදී ගත හැකිය.

HNB ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට Promate World සහ Atlas Myshop හරහා පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමේදී 35%ක් දක්වා වට්ටම් භුක්ති විඳිය හැකිය. එමෙන්ම පාරිභෝගිකයින්ට රුපියල් 2000ට වැඩි සියලූම ඇණවුම් සඳහා නොමිලේ බෙදාහැරීමේ සේවාවන් ද හිමි කරගත හැකිය.

ඉහත සඳහන් කළ වට්ටම්වලට අමතරව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත්හිමියන්ට උත්සව සමයේදී ඔවුන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා මෙරට ප‍්‍රමුඛ පෙළේ Cargills, Keells, Laugfs, Glomark සහ Arpico වැනි සුපිරි වෙළෙඳසැල් වෙතින් ආකර්ෂණීය වට්ටම් හා අදහාගත නොහැකි ආකාරයේ දීමනා ලබා දීමට HNB කටයුතු කර ඇත.

Cargills වෙතින් පාරිභෝගිකයින්ට සෑම සඳුදා දිනකම රුපියල් 2,500 ට වැඩි බිල්පත්වලට කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා 20% ක වට්ටමක් ද Keells වෙතින් සෑම අඟහරුවාදා සහ බදාදා දිනකම රුපියල් 4,000 ට වැඩි බිල්පත් සඳහා තෝරාගත් නැවුම් එළවළු, පළතුරු සහ sea food සඳහා 25% ක ආකර්ෂණීය වට්ටමක් ද ලබා දෙනු ඇත. Laugfs සුපිරි වෙළෙඳසැල් විසින් සෑම බ‍්‍රහස්පතින්දා දිනකම HNB ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා රුපියල් 2,500 ට වැඩි සෑම බිල්පතකටම බීම වර්ග සහ ක‍්‍රිම්සන් බේකරි නිෂ්පාදන සඳහා 20%ක වට්ටමක් ලබා දෙනු ඇත. එමෙන්ම Glomark සුපිරි වෙළෙඳසැල් වලින් සෑම සිකුරාදා දිනකම රුපියල් 5,000ට වැඩි බිල්පත් සඳහා ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට පිළිවෙලින් 20%ක් සහ 10% ක් වශයෙන් වට්ටම් ලබා දෙනු ඇත. මේ අතර සති අන්තයේදී Arpico සුපිරි වෙළෙඳසැල්වලින් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා තෝරාගත් නැවුම් පළතුරු, එළවළු සහ sea food සඳහා 25% ක වට්ටමක් ද හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇත.

මීට අමතරව HNB ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට සුප‍්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළඳසැල්වලින් ආභරණ මිලදී ගැනීමේදී මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිතව පහසු වාරික ගෙවීමේ සැලසුම් හා වට්ටම් හිමි වේ. තවද ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා තෝරාගත් ස්වර්ණාභරණ වෙළෙඳසැල් වෙතින් තෝරා ගනු ලබන ස්වර්ණාභරණ සඳහා 70%ක් දක්වා වට්ටම් ද ලබා ගත හැකිය. මෙම දීමනාව 2022 අපේ‍්‍රල් මස අවසානය දක්වා වලංගු වේ.

තවද, HNB පාරිභෝගිකයින්ට Jetwing Hotels, Araliya Resorts & Spas, Aitken Spence Hotels, Browns Hotels & Resorts සහ දිවයිනේ පිළිගත් හෝටල් රැසකින් 50%ක් දක්වා විශේෂ වට්ටම් භුක්ති විඳිය හැකිය. එමෙන්ම ඔවුන්ට The Kingsbury, Waters Edge, Movenpick වැනි සුප‍්‍රසිද්ධ හෝටල්වල ඇති අවන්හල් සහ වෙනත් ප‍්‍රමුඛ පෙළේ අවන්හල්වලින් ආකර්ෂණීය වට්ටම් ද භුක්ති විඳිය හැකිය. තවද සෑම මසකම තුන්වන බදාදා දින සියලූම Pizza Hut අලෙවිසැල්වලින් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා  ඕනෑම Large Pan Pizza එකක් මිලදී ගන්නා විට නොමිලේ Classic range Large Pan Pizza එකක් ලබා ගැනීමට අවස්ථාව ඇත.

තවද, නව Insureme.lk පාරිභෝගිකයින්ට ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා මාස 12ක් දක්වා අමතර ගාස්තු රහිතව 10%ක වට්ටමකට යටත්ව, පහසු ගෙවීමේ සැලසුම් හිමි කරගත හැකිය. මෙය 2022 ජූනි 30 වනදා දක්වා වලංගු වේ. එමෙන්ම HNB Prestige Prime ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට තෝරාගත් මෝටර් රථ අලෙවිසැල් වලින් 50%ක් දක්වා වූ වට්ටම් ලබා ගැනීමට අවස්ථාව ඇත.

මෙම ප‍්‍රවර්ධනය පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා https://www.hnb.net/personal/promotions/card-promotions වෙත පිවිසෙන්න.

Visits: 60