බලපත්‍රලාභී බැංකුවලට වඩා ඉහළ විනිමය අනුපාත ගෙවීම තහනම් කෙරේ

මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී බැංකු මගින් ලබා දෙන විනිමය අනුපාතයන්ට වඩා ඉහළ විනිමය අනුපාත ගෙවිම තහනම් කර තිබෙන බව මහ බැංකුව පවසයි. 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම තහනම ක්‍රියාත්මක කෙරී ඇත.

ඒ අනුව මෙලෙස බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන්ට විදේශ මුදල් ගනුදෙනු සිදුකරන මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අත්හිටුවීම/අවලංගු කිරීම සිදුවන බව දැනටමත් ඔවුන්ට දැනුම්දී ඇතැයිද මහ බැංකුව පවසයි.

මේ ආකාරයට යම් මුදල් හුවමාරු කරන්නෙකු ඉහළ විනිමය අනුපාතයක් ලබා දෙන ඕනෑම අවස්ථාවකදී විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 0112 398523, 0112398827, 0112477375 හෝ 0112398568 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Visits: 107

Leave a Reply

Your email address will not be published. Required fields are marked *