Samsung Refrigerators: සාමාන්‍ය ශීතකරණයකට වඩා වැඩි යමක්

මේ දිනවල ඔබ අත්විඳින උණුසුම් දේශගුණයත්, විටින් විට සිදුවන විදුලිය විසන්ධි වීමත් හේතුවෙන් ඔබේ ආහාරපාන වැඩි කාලයක් පුරා නැවුම්ව හා සිසිල්ව තබා ගැනීම දුෂ්කර බව රහසක් නොවේ. ඊට කදිම විසඳුමක් සපයමින් නවතම updates සමඟින් උසස් තත්වයේ අධි තාක්ෂණික ශීතකරණ ඔබ වෙත හඳුන්වා දීමට Samsung ශ‍්‍රී ලංකා පියවර ගෙන ඇත.

Samsung විසින් හඳුන්වා දෙනු ලැබූ පුළුල් ශීතකරණ පෙල තුළ වඩාත් ජනප‍්‍රිය නිෂ්පාදනයන් අතරින් එකක් වන්නේ ප‍්‍රමුඛ මාදිලියේ SpaceMax ශීතකරණ (Side-by-Side) පෙලයි. ලීටර් 660 සිට 700 දක්වා ඇතුළත වැඩි ඉඩකඩක් සහිත SpaceMax තුළ ඔබට වැඩියෙන් ආහාර ගබඩා කිරීමට හැකි වෙයි. අද්විතීය SpaceMax තාක්ෂණය සහිත තුනී ශීතකරණ බිත්ති තුළින් ඉතා ඉහළ ආරක්ෂාවක් සපයමින් ඇතුළත වැඩි ප‍්‍රමාණයක් ගබඩා කිරීමේ පහසුකම්ද ඔබට ලබා දෙයි.

50%ක් දක්වා විදුලිය ඉතිරි කිරීමට සමත් එහි ඇති Samsung Digital Inverter Compressor දිගු කාලයක් පුරා ශීතකරණය භාවිත කිරීමටද ඉඩ සලසා දෙනු ලබන්නේ සාම්ප‍්‍රදායික කොම්ප්‍රෙෂර මෙන් නොව ශීතකරණයට අවශ්‍ය සිසිලස ලබා දීම වෙනුවෙන් ස්වයංක‍්‍රීයව වේගය සකස් කරමිනි. එමනිසා ඊට වැයවන්නේ අඩු ශක්තියක් වන අතරම අවම ශබ්දයකින් යුතුව ක‍්‍රියාත්මක වන බැවින් ක්ෂය වීමද අවම වනු ඇත. ඒ නිසාම 21 වසරක කල් පැවැත්මක් සහතික කර ඇති ඒ වෙනුවෙන් වසර 10ක වගකීම් සහතිකයක්ද ලබා දීමට Samsung ශ‍්‍රී ලංකා කටයුතු කර ඇත්තේ පාරිභෝගික විශ්වාසය මනාව තහවුරු කරමිනි.

එසේම ඔබේ මුළුතැන්ගෙයට පරිපූර්ණ සුන්දර පෙනුමක් ගෙන එන Samsung SpaceMax ශීතකරණය මුළුතැන්ගෙයෙහි සීමා සහිත ඉඩකඩට ඉමහත් පහසුවක් සලසා දීමට සමත් වන්නේ හැසිර වීමට පහසු අලංකාර පැතලි දොරවල්ද සමඟිනි. Power Freeze සහ Power Cool ක යන පහසුකම් සමඟින් ශීතකරණයේ ගබඩා කරනු ලබන ආහාර ඉක්මණින් කැටි ගැසීමට හෝ සිසිල් කිරීමට අවකාශ උදා වන අතර එක් බොත්තමක් එබීම තුළින් පමණක් එය සිදු කර ගැනීමටද පහසුකම් සලසා දී තිබීම විශේෂත්වයකි. ඔබ කැමතිම සිසිල් බීම ඉක්මණින් සිසිල් කර ගැනීමට හෝ අයිස්ක‍්‍රීම් සැණෙකින් ඝන බවට පත් කර ගැනීමට එය වඩාත් උපකාරී වනු නිසැකය.

අයිස් සහ ජලය බෙදාහැරීම සඳහා විශාල ජල ටැංකියකින් සමන්විත ඊට ජල පෙරණයක් අවශ්‍ය නොවීමද විශේෂත්වයකි. එහි ඇතුළත් Auto Ice Maker ස්වයංක‍්‍රීයව අයිස් සකසා ගැනීමට, ගබඩා කිරීමට මෙන්ම පහසුවෙන් භාවිත කිරීමට ඔබට අවස්ථාව සලසා දෙනු ඇත්තේ freezer එක තුළ ආහාර ගබඩා කිරීම සඳහා අමතර ඉඩක්ද සපයා දෙමිනි.

එසේම සුවිසල් ඉඩක් සමඟින් එන Vege Box එක බවට නැවුම් එළවළු හා පළතුරු විශාල ප‍්‍රමාණයක් බාධාවකින් තොරව ගබඩා කිරීමේ පහසුව සලසා දෙන අතරම විශාලත්වය නිසාම සියලූ දේ පහසුවෙන් සොයා ගැනීමට මෙන්ම සියලූ දේ ඉවත් කිරීමකින් තොරව අවශ්‍ය දේ සැණෙකින් ලබා ගැනීමේ අවස්ථාවද ලබා දීම ඔබට තවත් පහසුවක් වනු නොඅනුමානය.

ආහාරයන්හි ගඳ හෝ සුවඳ මත ශීත කළ ආහාරයන්හි රසය වෙනස් විය හැකි අතර සැකසූ ආහාරයන්හි රසයටද එය බෙහෙවින් බලපානු ලබයි. එහෙත් මෙහි අන්තර්ගත ශීතකරණයේ සහ අධිශීතකරණයේ වායු ප‍්‍රවාහයන් සහිත ස්වාධීන සිසිලන පද්ධතිය වන Twin Cooling Plus තුළින් ආහාරවලින් අප‍්‍රසන්න දුර්ගන්ධයක් පිටවීම වළක්වන අතර ගබඩා කර ඇති ආහාරයන්හි රසය එලෙසම පවත්වා ගැනීමටද උපකාරී වේ.

තවද ගබඩා කිරීම පහසු කිරීම සඳහා වන එකිනෙකට වෙනස් ක‍්‍රම 5ක්ද මෙහි ඇතුළත්ය. එනම් අධිශීතකරණ – ශීතකරණය, බලශක්ති ඉතිරිය, නිවාඩු කාලය ගත කිරීම, Fridge Max හා Mini යන ක‍්‍රමයන්ය. මෙහිදී විවිධ කාලයන්හිදී හෝ විශේෂ අවස්ථාවන්හිදී සියලූ නැවුම් ආහාර ගබඩා කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබේ අධි ශීතකරණය ශීකරණයක් බවට පරිවර්තනය කර ගත හැකි වීමද මෙහි තවත් සුවිශේෂීත්වයකි. එසේත් නොමැති නම් දීර්ඝ නිවාඩුවක් ගත කිරීමට නිවසින් පිටත සංචාරයක නියුතු වන විට ශීතකරණ කොටස ක‍්‍රියා විරහිත කළ හැකිය.

එසේම කැටි ගැසීම හෝ සිසිල් කිරීම වෙනුවෙන් පමණක් ඉහළ සිසිලසෙන් යුත් වායුව වේගයෙන් ලබා දෙන එහි Power Cool බොත්තම එබීම තුළින් සැණෙකින් ආහාර පාන සිසිල් කර ගැනීමටත්, Power Freeze බොත්තම එබීමෙන් ශීත කළ ආහාර කැටි කිරීමටත්, ඝන බවට පත් කිරීමට හා අයිස් සැකසීමටත් සුවිසල් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

Samsung හි නවතම ශීතකරණ පෙළ රුපියල් 58,000/- සිට Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri, Damro සහ Samsung e-Store වෙතින් දැන් මිලදී ගත හැකිය.

Visits: 340