සියලුම ජංගම දුරකතන පරිශීලකයන් වෙත TRC වෙතින් නිවේදනයක්

මෙරට තුළ ජංගම දුරකතන සබඳතා භාවිතා කරන සියලුම පරිශීලකයන් සිය ජංගම දුරකතන සිම්පතට අදාළ හිමිකාරීත්වය සම්බන්ධයෙන් නැවත වරක් ලියාපදිංචිවීම සිදු කළ යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) නිවේදනයක් මගින් දැනුම් දී සිටියි.

2/8/2019 දිනයේදී එම කොමිෂ් සභාව මගින් නිකුත් කරන ලද ජංගම දුරකතන සිම්කාඩ්පත් නියාමනය පිළිබඳ කරුණු යටතේ මෙලෙස හිමිකාරීත්වය නැවත ලියාපදිංචිය සහ නැවත තහවුරු කිරීම සිදුකළ යුතුව තිබෙන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ හරහා එම සිම්පතෙහි හිමිකාරීත්වය පිළිබඳව තහවුරු කිරීමක් සිදුවන බවත්, එමගින් සිම්පත් මගින් සිදුවන නොයෙකුත් අපරාධ සිදු නොවීමට වගබලා ගත හැකි වෙනු හැකිබවත් අදහස වී තිබේ.

ඒ අනුව සිය ජංගමදුරකතන සේවා සම්පාදකයාගේ සේවා මධ්‍යස්ථාන වෙත ගොස් මෙලෙස සිම්පතෙහි හිමිකාරීත්වය නැවත ලියාපදිංචි කිරිම සහ නැවත තහවුරු කිරීම සිදුකරගන්නා ලෙසත්එම කොමිෂන් සභාව පාරිභෝගිකයන් වෙත දැනුම් දෙයි.

එසේත් නොමැති නම් සිය සේවා සම්පාදකයාගේ ජංගම සෙල්ෆ්කෙයාර් ඇප් වැඩසටහන හෝ එම සමාගමේ නිල වෙබ් අඩවිය හරහා පිවිස මෙම කටයුතු සිදු කරන්නා ලෙසත් මෙහිදී උපදෙස් දී සිටියි.

එසේම මෙම නැවත ලියාපදිංචි සේවාව තවදුරටත් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන ආකරයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහායද සමගින් හඳුනාගත් ස්ථාන කිහිපයක මෙලෙස සිම්කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

ඒ යටතේ මූලික වැඩසටහන ලෙස ඊයේ (24 වැනිදා) සිට ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද සහයෝගය ඇතිව ස්ථාන කිහිපයකම මෙම සේවා සම්පාදන ස්ථාන පිහිටුවා ඇතැයි පවසයි.

ඒ අනුව හෙට (මාර්තු 26දා) ඔබේසේකරපුර ග්‍රාමනිලධාරී කාර්යාලයේද, ලබන අගහරුවාදා (29දා) ශ්‍රී සිද්ධාන්තරාම විහාරස්ථානයේදීද, අප්‍රේල් 04 වැනිදා පැගිරිවත්ත විවේකාරම විහාරස්ථානයේදීද මෙම සේවා මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බව සඳහන් වෙයි. එම සෑම දිනකම පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා පමණක් මෙම සේවාව ලබා ගත හැකිය.

Visits: 266