ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී රුපියල් 3 බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (GREG.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඒ සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සැම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.00ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදුවන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අතරමැදි ලාභාංශ ගෙවීමක් ලෙසද සමාගම සඳන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 27 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අප්‍රේල් 04 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවාරුවෙහි ගනුදෙනු ආරම්භවී පළමු විනාඩි 05 තුළදී ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සීකොටසක වටිනාකම 41.00ක් දක්වා ඉහළ නැගිම සිදුවිය. ඊයේ දිනය අවසානයේදී එහි කොටසක වටිනාකම රුපියල් 37.60ක් විය.

Visits: 153