ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් බලගැන්වීමට Huawei නවීන තාක්ෂණික විසඳුම් රැසක් එළි දක්වයි

Huawei විසින් පසුගියදා පැවති නිල නිෂ්පාදන/විසඳුම් දියත් කිරීමේ උළෙලකදී, ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම උදෙසා නවතම තාක්ෂණික විසඳුම් රැසක් වෙළඳ පොළට හඳුන්වා දීම සිදුවිය.

මේ අතර, Huawei Digital Power හි Luna2000, මීළඟ පරම්පරාවේ Wi-Fi 6 නිෂ්පාදන, දත්ත ගබඩා විසඳුම් සහ IdeaHubs උපාංග, nova 8i ස්මාර්ට් දුරකථනය, ලැප්ටොප් මාදිලි ඇතුළු ස්මාර්ට් උපාංග සහ ව්‍යාපාර සඳහා වන ඩිජිටල් විසඳුම් ඇතුළත් වේ.

මෙම නවතම විසඳුම් හරහා ශ්‍රී ලංකාව කලාපයේ ස්මාර්ට් ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට Huawei අපේක්ෂා කරයි.
මෙම නිෂ්පාදන හා විසඳුම් හඳුන්වා දීමේ අවස්ථාව සඳහා සූර්ය බල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, අමාත්‍යාංශ නිලධාරීන් සහ Huawei Sri Lanka කළමනාකාරීත්වය සහභාගී විය.

මෙහිදී හඳුන්වා දුන් නිෂ්පාදන අතර Huawei හි නවතම IdeaHub Pro සහ IdeaHub S සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අඟල් 86ක තිරයකින් සමන්විත මෙය, High Definition (HD) video conferencing සහ wireless sharing පහසුකම් වලින් යුක්තය. තවද ව්‍යාපාර විසඳුම් වන නවීන AirEngine Wi-Fi 6, ව්‍යාපාරයන් හට වඩාත් ස්ථායී ආවරණයක් සමඟින් “100 Mbps@everywhere” ළඟා කර ගැනීමට අවස්ථාව ලබාදේ. Huawei OceanStor Dorado V6 all-flash storage වඩාත් සුවිශේෂී දත්ත හා බැඳුනු සේවාවන් හා අත්දැකීමක් පරිශීලකයින්ට හිමිකර දේ. Huawei Nova 8i ස්මාර්ට් දුරකතනය ඉතා සැහැල්ලු මෙන්ම ආකර්ෂණීය නිමාවක් සමඟින් වෙළඳ පොලට නිකුත් කෙරේ. විශේෂයෙන්ම මෙහි අඟල් 6.67ක් තරම් වූ සියුම් වක්‍ර දාර සහිත edgeless ඩිස්ප්ලේ එක, අල්ලා ගැනීමට පහසු නිමාව සහ ultra-smooth ටච් සිස්ටම් එක පරිශීලකයාගේ තාක්ෂණික ක්‍රියාවන් කාර්යක්ෂම කරනු ඇත. 8GB RAM + 128 GB ROM සහිත Huawei Nova 8i හි මතක ධාරිතාවය පරිශීලක ආකර්ෂණයට ලක්වන තවත් විශේෂාංගයක් වන අතර, මෙහි කැමරා පද්ධතියද සුවිශේෂී වේ.

මෙම නිෂ්පාදන දියත් කිරීමේ උළෙල තුළ, වඩාත් කතාබහට ලක්වුණු මාතෘකාවක් බවට පත්වුයේ ඩිජිටල් බල තාක්ෂණයන් සහ රටේ තිරසර සංවර්ධනය වෙනුවෙන් Huawei හි කැපවීමයි.

මේ පිළිබඳ අදහස් දක්වමින්, Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී Liang Yi මෙලෙස පවසා සිටියි. සූර්ය බලශක්තිය ආර්ථිකමය වශයෙන් ඉහළ ප්‍රතිලාභ ගෙන එන බලශක්ති ප්‍රභවයන්ගෙන් එකක් වන අතර, ශ්‍රී ලංකාවට ශක්තිමත් සූර්යබල සම්පත් තියෙනවා. Huawei ඩිජිටල් පවර් තාක්ෂණයන්ගේ හඳුන්වාදීම සමඟින්, අපට මෙම නව බලශක්තිවල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව වැඩි කිරීමේ හැකියාව පවතිනවා. අද, අපි අපගේ නව ඩිජිටල් විසඳුම් මෙහි ගෙන එන්නේ කර්මාන්තයේ සහ අපගේ හවුල්කරුවන්ගේ කාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා මෙන්ම බලශක්ති කාර්යක්ෂමතාවයේ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා වන අතර, එමඟින් ඩිජිටල්කරණය වේගවත් කිරීමට ද හැකියාව අපිට හිමිවෙනවා.”

“පුනර්ජනනීය බලශක්ති, සම්ප්‍රදායික සීමිත බලශක්ති ප්‍රභවයන් සමඟ තරඟ කළ හැකි බව සහතික කිරීම සඳහා අපි හොඳම තාක්ෂණය භාවිතා කළ යුතු අතර, අඛණ්ඩ වැඩිදියුණු කිරීම් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම මෙහිදී සෑම පාර්ශවයක්ම එකට එක්ව එක අරමුණක් කරා වැඩ කිරීම ශ්‍රී ලංකාවට වඩාත් යහපත් ආර්ථිකමය ප්‍රතිලාභ ගෙන එනවා” මෙහිදී අදහස් දක්වමින් පුනර්ජනනීය බලශක්ති අංශයේ කර්මාන්තකරුවෙකු වන කුෂාන් ජයසූරිය මහතා පවසා සිටියි.

Huawei විසින් නවතම ඩිජිටල් බලශක්ති නිෂ්පාදනයක් වන Huawei හි Luna2000, SMART බලශක්ති ගබඩා පද්ධතිය මෙම උළෙලේදී එළිදක්වන ලදී. එය රටේ තිරසාර බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වන අතරම, විදුලි ඉල්ලුම් සඳහා සාර්ථක විසඳුම් ලබාදීමට මේ හට හැකිවනු ඇත.

ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයේ ප්‍රගතිය උදෙසා Huawei හට දැක්වීමට ලැබෙන දායකත්වය වෙනුවෙන් සමගම ආඩම්බරයට පත්වන අතර, ඉදිරියේදී ශ්‍රී ලංකාවට නවීන තාක්ෂණයන් රැසක් ඉදිරිපත් කිරීමට Huawei බලාපොරොත්තුවෙන් පසුවේ.

Visits: 66