වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සත්ත්ව ආහාර වගා කරන සමාගමක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම මගින් මොරගොඩ ඇග්‍රෝ සර්විසස් පෞද්ගලික සමාගමෙහි 100%ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව පවසයි.

ඊයේ (මාර්තු 21 වැනිදා) ඊට අදාළ එකඟතාවට අත්සන් තැබීම සිදුව තිබේ. අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම බව පවසා සිටියි.

මෙහිදී එම මොරගොඩ ඇග්‍රෝ සර්විසස් පෞද්ගලික සමාගමෙහි 100%ක කොටස් හිමිකම සහිත අරුණ මොරගොඩ මහතා සමගින් එම එකඟතාවට පත් වූ බව වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

මෙම මොරගොඩ ඇග්‍රෝ සර්විසස් (පෞද්ගලික) සමාගම කිරි ගවයන් සඳහා අවශ්‍ය කෙරෙන තෘණ වර්ග ඇතුළු ආහාර වගා කිරීමේ නිරත ව්‍යාපාරයකි.

මෙහිදී රුපියල් මිලියන 88.5ක (88,500,000ක) මුදලකට මෙම සමාගමේ හිමිකාරීත්වය ලබා ගත් බව වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

කිරි නිෂ්පාදනයේ යෙදෙන වටවල ඩේරි ලිමිටඩ් සමාගමද වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි පරිපාලිත සමාගමකි. අද වනවිට එහි කිරි ගවයින් 1,632ක් සිටින අතර වාර්ෂිකව කිරිලීටර් මිලියන 6ක නිෂ්පාදනයක් එම සමාගම මගින් සිදු කරන බවත් පවසයි.

Visits: 251