SAMSUNG Galaxy S22 කාණ්ඩයේ ස්මාට්ෆෝන් මෙරට වෙළෙඳ පොළට

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායී smartphone වෙළෙඳනාමය වන සැම්සුන් ඔවුන්ගේ වඩාත් ප‍්‍රබලතම හා ප‍්‍රධානතම උපාංග කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S22 කාණ්ඩය ශ‍්‍රී ලංකාවේදී නිල වශයෙන් එළිදැක්වීම ඊයේ දිනයේ කොළඹදී සිදුවිය.

Premium smartphones සඳහා නව සම්මතයක් සකස් කරමින් Note කාණ්ඩයේ ඇති ප‍්‍රධාන විශේෂාංග, pro-grade කැමරාව සමඟින් එයටම සුවිශේෂී වූ S-Pen සහ S කාණ්ඩයේ ඇති ඉහළම ක‍්‍රියාකාරීත්වය ආදියෙන් Galaxy S22 Ultra 5G සමන්විත වේ.

ඉතා ආකර්ෂණීය මෙන්ම මනා හැඩයකින් හා තිරසාරභාවය ගැන වැඩි සැලකිල්ලක් යොමු කරමින් නිර්මාණය කර ඇති Galaxy S22 5G හි advanced intelligent imaging තාක්ෂණය සහිත ක‍්‍රියාශීලී කැමරාව ඔබගේ ජීවිතයේ සෑම මොහොතක්ම සොඳුරු මොහොතක් බවට පත් කරනු නොඅනුමානය.

මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකරණ අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘‘අපගේ නවතම Galaxy S22 කාණ්ඩය හඳුන්වා දීමත් සමඟින් නවෝත්පාදනය යන්න නව පරිවර්තනයක් කරා යමින් සිටිනවා. ඒවගේම ස්මාර්ට් ජංගම දුරකතන තාක්ෂණය අතික‍්‍රමණය කිරීමට එයට හැකිව තිබෙනවා. Galaxy Note හා S කාණ්ඩවල ඇති ප‍්‍රධාන විශේෂාංගවල සුසංයෝගයෙන් සුවිශේෂී smartphone අත්දැකීමක් S22 Ultra 5G ඔබ වෙන ගෙන එනු නිසැකයි. Galaxy S22 Ultra 5G සතුව එන S Pen විශේෂාංගය, වැඩිදියුණු කළ Nightography තාක්ෂණය හා දවස පුරා දිගු කල්පවතින බැටරි ආයු කාලය නිසා දැනට අප සතු වඩාත් ප‍්‍රබලතම devices කාණ්ඩය බවට මෙය පත්ව තිබෙනවා. තවද අන්තර්ගතයන් නිර්මාණය කිරීමට, උසස් තත්වයේ වීඩියෝ ග‍්‍රහණය කරගැනීමට, යමක් edit හා share කිරීම සඳහා නිර්මාණය කර ඇති Galaxy S22 කාණ්ඩය සැබවින්ව ඔබගේ එදිනෙදා ජීවිතය සොඳුරු බවට පත් කරනු ඇති බව අපට විශ්වාසයි.’’ යනුවෙනි.

Galaxy S22 Ultra 5G (12/256GB) වර්ගයේ දුරකතනයක මිල රු. 414,999 ක් වන අතර Phantom Black, Burgundy හා Green යන වර්ණයන්ගෙන් එය ලබා ගත හැකිය. Galaxy S22 5G (8/256GB) වර්ගයේ දුරකතනයක මිල රු. 299,999 ක් වන අතර Phantom Black, Pink Gold, Phantom White හා Green වර්ණයන්ගෙන් ලබා ගත හැකිය.

තවද Galaxy S22 Ultra 5G හෝ Galaxy S22 5G මිලදී ගනු ලබන පාරිභෝගිකයින්ට OneDrive වලට මාස 6ක් සඳහා නොමිලේ 100GB ද, මාස 3ක් සඳහා Spotify premium subscription සහ Adobe Photoshop Lightroom හා Adobe Creative Cloud Express මාස 2ක් නොමිලේ භුක්ති විඳීමට ද අවස්ථාව හිමි වේ.

Visits: 138