මෙල්ස්ටාකෝර්ප් රුපියල් 2.70ක ලාභාංශ නිවේදනයත් සමග වටිනාකම 2.82%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.70ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවිම බවද මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 19 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 28  වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම පවසයි.

මේ අතර ඊයේ (16දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී කොටසක වටිනාකම රුපියල්  47.40ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 46.10ට සාපේක්ෂව රුපියල් 1.30කින් එනම් 2.82%කින් වටිනාකම් ඉහළ යාමකි.

Visits: 143