ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1ක ණය පහසුකමක් අනුමත වෙයි

ශ්‍රී ලංකා රජය ඉන්දියාවේ ස්ටේට් බැන්ක් ඔෆ් ඉන්දියා මගින් ඉල්ලුම් කර තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියනයක ණය පහසුකම සඳහා අත්සන් තැබීම අද (17දා) දිනයේදී ඉන්දියාවේදී සිදු විය.

ශ්‍රී ලංකා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය යටතේ මෙම එකඟතාවට අත්සන් තැබීම සිදුව තිබේ.

ඒ අනුව ඉන්දියාවේ ස්ටේට් බැන්ක් ඔෆ් ඉන්දියා සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා අතර මෙම එකඟතාවට අදාළ ගිවිසුම් හුවමාරුව සිදුව ඇත.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළුව ශ්‍රී ලංකා නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගිවී තිබේ.

Visits: 135