Exterminators Limited මූලික මහජන කොටස් නිකුතුවට අධිදායකත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පලිබෝධ කළමනාකරණ සමාගමක් වන Exterminators Limited සමාගම අද (14දා) දිනයේදී විවෘත කළ සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා අධිදායකත්වයක් හිමි වුණු බව පවසයි.

ඒ අනුව මෙම නිකුතුව සඳහා අයැදුම්පත්‍ර භාරගැනීම අද පස්වරු 4.30 ට අවසන් කරන බවත් සමාගම මෙහිදී සඳහන් කර සිටියි.

සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් කොළඹ කොටස් හුවමාරුවේ Empower පුවරුවෙහි ලැයිස්තුගත වීම සඳහා Exterminators Limited සමාගම මෙම නිකුතුව සිදු කර තිබුණි.

සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 10ක් නිකුක් කළ අතර, එය සමාගමේ කොටස් ප්‍රමාණයෙන් 20%ක ප්‍රතිශතයකි. මෙහිදී කොටසක් රුපියල් 6.00ක් බැගින් මිල කෙරිණි. ඒ අනුව සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 60ක් විය.

මෙම මූලික මහජන කොටස් නිකුතුවෙහි කළමනාකරුවන් ලෙස Ararah Capital සමාගම කටයුතු කළේය.

Visits: 167