Exterminators මූලික මහජන කොටස් නිකුතුව (IPO) විවෘත කිරීම අද (14දා)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පලිබෝධ කළමනාකරණ සමාගමක් වන Exterminators Limited සමාගම සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් කොළඹ කොටස් හුවමාරුවේ Empower පුවරුවෙහි ලැයිස්තුගත වීම සඳහා වන මූලික මහජන කොටස් නිකුතුව (IPO) අද (මාර්තු 14දා) විවෘත කෙරෙන බව පවසයි.

මෙහිදී සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 10ක් නිකුත් කිරීම සැලසුම වන අතර එය සමාගමේ කොටස් ප්‍රමාණයෙන් 20%ක ප්‍රතිශතයකි.

කොටසක් රුපියල් 6.00ක් බැගින් මිල කෙරී තිබේ. මෙම සමස්ත නිකුතුව හරහා රැස් කිරිමට බලාපොරොත්තු වන මුදල රුපියල් මිලියන 60කි.

Exterminators Limited සමාගමේ මූලික මහජන කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය සහ ආයෝජන අයැදුම්පත්‍ර ෆෝරම https://exterminators.lk/IPO වෙතින් ලබා ගත හැකිය.

මෙම මූලික මහජන කොටස් නිකුතුවෙහි කළමනාකරුවන් ලෙස Ararah Capital සමාගම ක්‍රියා කරයි.

මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා අරමුදල්වලින් මේ වසරේදී අලුතින් සිය ශාඛා තුනක් පිහිටුවිම සඳහා ආයෝජනය කිරීම Exterminators Limited සමාගමේ මූලික අරමුණ වී තිබේ.

Visits: 184