“දකුණු ආසියාවේ න්‍යෂ්ටික අවදානම කළමනාකරණයේ අනාගතය” ඔන්ලයින් සාකච්ඡාව අද

ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයනයන් පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය (LKI) මගින් සංවිධානය කරන “දකුණු ආසියාවේ න්‍යෂ්ටික අවදානම කළමනාකරණයේ අනාගතය“ සාකච්ඡාව අද පැවැත්වෙයි.

අද (14දා) පස්වරු 2.00 සිට 3.30 දක්වා අන්තර්ජාල වෙබිනාර් සාකච්ඡාවක් ලෙස සංවිධානය කිරිමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාවේදී දකුණු ආසියානු කලාපය තුළ වර්තමානයේදී න්‍යෂ්ටික අවි සහිත රාජ්‍යයන් (nuclear weapons states) කලාපය තුළ එම න්‍යෂ්ටික අවදානම හොඳින් කළමනාකරණය කිරීම සහ කලාපීයව සහ ගෝලීයව න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ උත්සාහයේදී ශ්‍රී ලංකාව වැනි න්‍යෂ්ටික අවි රහිත රාජ්‍යයන්හි භූමිකාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන බවත් සංවිධායකයන් පවසයි.

මෙම සාකච්ඡාවේ සම්පත් දායකයන් ලෙස Centre for Airpower Studies හි ජ්‍යෙෂ්ට සාමාජික ආචාර්ය මන්ප්‍රීට් සේති, හිටපු තානාපතිවරයෙකු සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස් සහ ජාත්‍යන්තර සාමය සඳහා වන න්‍යෂ්ටික ප්‍රතිපත්ති වැඩසටහනේ ජ්‍යෙෂ්ට සාමාජික ආචාර්ය ටොන්ග් සාහෝ සහභාගි වෙයි.

මෙම සාකච්ඡාව මෙහෙයවීම ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පර්යේෂක සහකාර මලින්ද මීගොඩමහතා විසින් සිදු කරයි.

මෙම සාකච්ඡාව සඳහා ලියාපදිංචි වීම shorturl.at/lpryP ඔස්සේ සිදුකළ හැකිය.

Visits: 83