SLIM අලෙවි කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හැදෑරීමට ආරාධනා

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් හඳුන්වා දෙන SLIM අලෙවි කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (PG Dip.) දෙස් විදෙස් තරගකාරී ව්‍යාපාරික පරිසරය තුළ වෘත්තීය සාර්ථකත්වය උදෙසා ගමන් කරන්නට මග පෙන්වන ලොව පිළිගත් අලෙවිකරණ වෘත්තීය අධ්‍යාපන සහතිකයකි.

ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අලෙවිකරණය වෙනුවෙන් පැවැත්වෙන එකම පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව වන SLIM අලෙවි කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව අලෙවිකරණ වෘත්තිකයන් හට සිය වෘත්තීය ඉලක්ක ජයගැනීමට උපකාරී වන අතර, අලෙවිකරණ ක්ෂේත‍්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තු වන අනාගත අලෙවිකරුවන් හට පූර්ණ මාර්ගෝපදේශ සපයන්නකි.

මාස 18 ක කාල සීමාවක් ඇතුලත අර්ධ කාලීන පාඨමාලාවක් ලෙස හැදෑරිය හැකි SLIM PG Dip හරහා අලෙවිකරණයේදී ඉවහල්වන සන්නිවේදන කුසලතා, නිර්මාණශීලීව මෙන්ම තීක්ෂණ ආකාරයෙන් තීරණ ගැනීම, ව්‍යාපාර සාර්ථකත්වය උදෙසා නව සංකල්ප යොදාගැනීම, නායකත්ව කුසලතා හා කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීම යනාදී කුසලතා රැසක් සිසුන් තුළ ගොඩනංවයි.

අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ පළපුරුදු වෘත්තීයවේදී විශේෂඥ දේශක මඬුල්ලක් යටතේ purpose-led marketing, පාරිභෝගික හැසිරීම, සන්නාම හා විකුණුම් කළමනාකරණය, ඩිජිටල් අලෙවිකරණය, ගෝලීය අලෙවිකරණය, උසස් කළමනාකරණ කුසලතා, දැන්වීම්කරණය ඇතුළුව ජාත්‍යන්තරව පිළිගත් විෂය ක්ෂේත‍්‍ර රැසක් ආවරණය කෙරෙන මෙම පාඨමාලාව හැදෑරීම හරහා නිරන්තරයෙන් වෙනස්වෙන නූතන තරගකාරී ව්‍යාපාරික ලෝකයේ සාර්ථක වෘත්තිකයෙකු වන්නටත් එමගින් පෞද්ගලික ජීවිතයේ මෙන්ම ආයතනික සාර්ථකත්වය ළඟාකරගැන්මටද හැකිවේ.

SLIM PGDip. තුළදී අලෙවිකරණ වෘත්තීයවේදීත්වය ඔප්නංවන ක‍්‍රමානුකූල විෂය සමගාමී පැවරුම් මාලාවක් හා විභාග ඔස්සේ සිසුන්ගේ තර්කන හැකියාව මෙන්ම නිර්මාණශීලීත්වය දියුණු කිරීම අපේක්ෂිතය.

තරගකාරී ව්‍යාපාර පරිසරයේ හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉහළ පිළිගැනීමකින් යුතු SLIM අලෙවි කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හැදෑරීම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය (MBA) දක්වා උසස් අධ්‍යාපනය අපේක්ෂා කරන්නෙකුට ඒ සඳහා පිවිසෙන්නට මූලික අඩිතාලම සකස් කරනු ලබයි.

SLIM PG Dip. හැදෑරූ සිසුවෙකුට තවත් මාස 6 ක කාලයක්, අධ්‍යයන සම්භාර 180 ක් සම්පූර්ණ කිරීම හරහා මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රමුඛතම විශ්ව විද්‍යාල 100 අතර කැපීපෙනෙන විශ්ව විද්‍යාලයකදී MBA සුදුසුකම සම්පූර්ණ කිරීමේ අවස්ථාව උදාකරගත හැකිය. උසස් අධ්‍යාපනය හැදෑරීමෙහිලා අපේක්ෂා කරන්නන් දිරිගැන්වීමෙහිලා SLIM විසින් මේ සියල්ල සඳහා නම්‍යශීලී පාඨමාලා ගාස්තු ගෙවීමේ ක‍්‍රමවේදයක්ද හඳුන්වා දී ඇත.

0703 336 187 හෝ 0703 376 126 අංක වලින් කොළඹ ශාඛාව, 0703 354 513 අංකයෙන් මහනුවර ශාඛාව හා 0701 918 077 අංකයෙන් මාතර ශාඛාව අමතා හෝ inquiry@slim.lk ඊමේල් ලිපිනයෙන් SLIM PG Dip සඳහා ලියාපදිංචි වීමට හෝ වැඩි විස්තර ලබාගත හැකිය. MBA පිළිබඳ වැඩි විස්තර 0703 219 510 අංකයෙන් ලබාගත හැකිය.

Visits: 164