LOLC Finance PLC සිය 20 වැනි සංවත්සරය සමරයි

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන LOLC Finance PLC සමාගම පසුගියදා සිය 20 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සැමරූ බව පවසයි.

ඒ අනුව 20 වසරක් පුරා  LOLC Finance PLC සමාගම දැක්වූ ශක්තිමත් සාර්ථකත්වය සැමරීම වෙනුවෙන් මෙම උත්සව සංවිධානය වී තිබේ.

මෙහිදී එම උත්සවය LOLC හෝල්ඩිංග්ස් PLC හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි කපිල ජයවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස පැවැත්වී ඇති අතර, උත්සවයේ ගෞරවනිය ආරාධිතයා ලෙස LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ විධායක අධ්‍යක්ෂිකා කල්ෂා අමරසිංහ මහත්මිය සහභාගි වී තිබේ.

මෙම අවස්ථාව සඳහා LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ LOLC Finance PLC යන සමාගම්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරණය සහ කාර්ය මණ්ඩලය එක්ව ඇත.

LOLC Finance PLC සමාගම ඉදිරියේදී LOLC සමූහයෙහි තවත් මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ කරගනිමින් තනි සමාගමක් බවට පත්වීමට සූදානමින් සිටියි. එසේම කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ කරගැනීමක් සඳහාද යොමු වී තිබේ.

ඒ අනුව ඉදිරියේදී ලංකාවේ විශාලතම මූල්‍ය සමාගම බවට පත්වීමට LOLC Finance PLC සමාගම සූදානමින් සිටින බවත් වාර්තා සඳහන් කරයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී LOLC Finance PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 18.60ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 14.20ට සාපේක්ෂව රුපියල් 4.40ක එනම් 30.99%ක ඉහළ යාමකි.

Visits: 150