ඇඟළුම් අපනයන හරහා වසර 5 ක් තුළ ලද ඉහළම ආදායම ජනවාරි මාසයේ දී

2022 ජනවාරි මාසයේදී ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් අපනයනය පසුගිය වසර පහ තුළ වාර්තා කළ ඉහළම ආදායම වාර්තා කිරීමට සමත් විය. මෙම කාර්යසාධනය මගින් පසුගිය වසර දෙක තුළ කොවිඞ් වසංගතයෙන් ඇති කළ පෙර නොවූ විරූ අභියෝග හමුවේ වලින් කර්මාන්තය නැවත නැගී සිටීමේ ශක්තිය පෙන්නුම් කරයි.

ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් අපනයන ආදායම 2022 ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 487.6 දක්වා ඉහළ ගොස් ඇති අතර එය වසංගතයට පෙර 2019 ජනවාරි මාසයේදී වාර්තා කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 452 ට වඩා 8% කින් ඉහළ යාමකි. 2021 ජනවාරි මාසයේ අපනයන ආදායම 23%ක් ලෙස වාර්තා විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසුවේ ”අභියෝග මධ්‍යයේ අත්කර ගත් මෙම ශක්තිමත් කාර්යසාධනය තුලින් ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරන කදිම සාක්ෂියක් වනවා වගේම 2025 දී කර්මාන්තයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් එහි ප‍්‍රගතිය සඳහා හොඳ පෙර නිමිත්තක්ද වනවා.” යනුවෙනි.


ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAF) මහ ලේකම් යොහාන් ලෝරන්ස් සහ Lanka Garments (Pvt) Ltd. හි කළමනාකාර අධ්‍යක්ෂ සයිෆුඞීන් ජැෆර්ජි

කර්මාන්තයේ දැක්ම වන්නේ 2030 වසර වන විට ශ‍්‍රී ලංකාව ගෝලීය ඇඟළුම් මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම වන අතර අතරමැදි ඉලක්කයක් වන්නේ 2025 වන විට ඇඟළුම් මඟින් ලබන වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8 දක්වා වැඩි කර ගැනීම වේ.

”සියලූ ප‍්‍රධාන පාර්ශවකරුවන්ගේ සහයෝගීතාවයෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට අත්‍යාවශ්‍ය විදේශ විනිමය හා උසස් තත්වයේ රැකියා උත්පාදකයෙකු ලෙස ඇඟළුම් කර්මාන්තයට තවදුරටත් ඉහළ දායකත්වයක් ලබා දිය හැකියි.’’ යනුවෙන් ලෝරන්ස් මහතා වැඩිදුරටත් පැවසුවේය.

2022 ජනවාරි මාසයේදී කර්මාන්තය ලබා ගත් කාර්යසාධනය මගින් සේවකයින් අතර වසංගතය 100%කින් පැතිර යාම අවම කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහාය ඇතිව කර්මාන්තය විසින් අනුගමනය කරන ලද දැඩි ආරක්ෂිත ක‍්‍රමෝපායන්වල සාර්ථකත්වය ද පිළිබිඹු කරයි. මීට අමතරව ජාතික කොවිඞ්-19 ජාතික එන්නත්කරණ වැඩසටහනට සමගාමීව ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත‍්‍රයේ සේවකයින්ගෙන් 65% කට මේ වන විට එන්නත් මාත‍්‍රා දෙකම සහ බූස්ටර් එන්නත ද ලබා දී ඇති අතර සේවකයින්ගෙන් 95% කට අවම වශයෙන් මාත‍්‍රා දෙකම ලබා දී ඇත. තවද Omicron ප‍්‍රභේදය ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර සිටම ඇඟළුම් අපනයනකරුවන් අතිරේක ආරක්ෂණ ක‍්‍රමවේද අනුගමනය කළේය.

”ක්ෂේත‍්‍රයේ සේවකයින්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සහතික කරන අතරම ආරක්ෂිත සහ සෞඛ්‍ය ප්‍රොටෝකෝල අඛණ්ඩව දැඩි ලෙස පිළිපැදීමට අප තවදුරටක් ප‍්‍රමුඛත්වය ලබා දෙනවා.” යනුවෙන් Lanka Garments (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ (MD) සයිෆුඞීන් ජැෆර්ජි මහතා පැවසුවේය. මෙම ප‍්‍රවේශය මගින් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගෙන ගිය අතර Covid-19 මගින් ඇති කළ අහිතකර බලපෑම ද අවම කරනු ලැබුවා. එමෙන්ම ව්‍යාපාරවල අඛණ්ඩ පැවැත්ම සහතික කරමින් දහස් ගණනකගේ ජීවනෝපායන් සහ ආදායම් මාර්ග ආරක්ෂා කරනු ලැබුවා.’’

සැපයුම් දාම බිඳවැටීම අවම කිරීමට උපකාර වූ ඩිජිටල් නිෂ්පාදන සංවර්ධන තාක්ෂණය අනුගමනය කිරීම වැනි ක‍්‍රියාමාර්ගවල සාර්ථකත්වය ද මෑත කාලීන කාර්ය සාධනය තුළින් පිළිබිඹු කරයි. විශාල සමාගම් ද ඔවුන්ගේ අපනයන ඇණවුම් කඩිනමින් සපුරාලීම සඳහා කුඩා සමාගම්වලට සහාය වෙමින් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.

”ජනවාරි මාසයේ වාර්තා කළ මෙම ආකර්ෂණීය කාර්යසාධනය ලබා ගැනීම සඳහා ගැනුම්කරුවන්ගෙන් දැඩි ඉල්ලූමක් තිබූ අතර ඉදිරි මාස සඳහා හොඳ ඇණවුම් ලබා ගැනීමට ද හැකි විය. එය සුබවාදී දෙයක්.” ජැෆර්ජි මහතා වැඩිදුරටත් පැවසීය.

”යුරෝපයේ වර්ධනය වන අවිනිශ්චිතභාවයන් සලකා බැලීමේදී ජාත්‍යන්තර ස්ථාවරය තවදුරටත් අභියෝගාත්මකව පවතිනවා.” ඒ මහතා පවසයි.

Visits: 148