Lanka IOC කළමනාකාර අධ්‍යක්ෂ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් නිරීක්ෂණයට

ලංකා ඉන්දියන් ඔයිල් කම්පැනි (Lanka IOC) හි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පසුගියදා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම් සිදු කෙරෙන භූමිය වෙත පැමිණි බව එම ව්‍යාපෘතිය භාර කලම්බු වෙස්ට් ඉන්ටර්නැෂනල් ටර්මිනල් පෞද්ගලික සමාගම පවසයි.

මෙහිදී ඔහු සමගින් ඉන්දියානු ඔයිල් සමාගමේ නියෝජිතයන් කිහිප දෙනෙකුද මෙම ගමනට සහභාගි වී තිබේ.

මෙහිදී ඔවුන් කොළඹ වරායේ නවතම ඉදිකිරිම් නිරීක්ෂණයේ යෙදුණු බවත් කලම්බු වෙස්ට් ඉන්ටර්නැෂනල් ටර්මිනල් පෞද්ගලික සමාගම පවසයි.

මෙම කලම්බු වෙස්ට් ඉන්ටර්නැෂනල් ටර්මිනල් පෞද්ගලික සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 51%ක් ඉන්දියාවේ අදානි සමූහය වෙත හිමි අතර, 34%ක් ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමටත්, 15%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් හිමිය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මූලික ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබේ. අදානි සමූහයටඅයත්  අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් සමාගම මගින් මෙම ඉදිකිරීම් සිදු කෙරේ.

මෙහිදී අදානි සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 675.68ක මුදලක් ආයෝජනය කිරිමට සූදානමින් සිටින අතර මෙය මියන්මාරයට පසුව එම සමාගම සිදු කරන දෙවැනි ජාත්‍යන්තර ව්‍යාපෘතියද වෙයි.

මෙම ව්‍යාපෘතිය යටතේ අඩි 20ක බහාලුම් මිලියන 3.5ක ධාරිතාවක් සහිත පර්යන්තයක් ඉදිකිරීම සැලසුම වන අතර වසර 35ක කාලයක් සඳහා මෙම පර්යන්තය ඉදිකිරීම, මෙහෙයුම් සිදු කිරිම සහ ආපසු පැවරීම යන එකඟතාව අනුව මෙය සිදු කෙරේ.

Visits: 125