INSEE සිමෙන්ති “2022 වාර්ෂික සම්මාන උලළේදි” ඉහළම ව්‍යාපාරික හවුල්කරුවන් අගයයි

ශ්‍රී‍ ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම “2022 වාර්ෂික ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මාන උළෙල ඉතා උත්සවාකාරයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදි පසුගියදා පවත්වන ලදි.

ඉහළ සත්කාර සහිතව පැවැත්වූ මෙම සම්මාන උළෙල සඳහා INSEE සිමෙන්ති සමාගම හා සම්බන්ධ දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාරික හවුල්කරුවන් සහභාගි විය.

මෙම සම්මාන උළෙල සමාගමේ සභාපති, ප්‍ර‍ධාන විධායක නිළධාරි, විධායක කමිටුව ඇතුළු කළමණාකාරිත්වයේ පූර්ණ අධීක්ෂණය හා අනුග්‍ර‍හය මත පැවැත්වූ අතර විවිධ බාධක මධ්‍යයේ 2021 වර්ෂයේ විකුණුම් කාර්ය සාධනයන් ඉහල නැංවූ ජාතික හා ප්‍රාදේශිය ව්‍යාපාරික හවුල්කරුවන් සම්මානයට පාත්‍රකරන ලදි.

කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුකූලව සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් සීමිත පිරිසක් සහභාගි වූ මෙම සම්මාන උළෙල INSEE සමාගම හා බැඳි සියලු ව්‍යාපාරික හවුල්කරුවන්ට අමතක නොවන රාත්‍රියක් විය. ව්‍යාපාරික හවුල්කරුවන්ගේ කාර්ය සාධනය සම්මානනීය තත්ත්වයට පත්කල මෙම රාත්‍රිය ප්‍රසිද්ධ ගායක, ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් තවදුරටත් වර්ණවත් විය.

INSEE සිමෙන්ති ශ්‍රී‍ ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ මහතා මෙම අවස්ථාවට සහභාගිවෙමින් ප්‍රකාශ කලේ “2021 වර්ෂය INSEE සිමෙන්ති සමාගම කුමන අභියෝගයකට වුව මුහුනදෙමින් ශක්තිමත්ව එය ජය ගැනීමට සූදානම්ව සිටි බවයි. කලාපය පුරා INSEE පහසුකම් වලින් සමන්විත බහුජාතික පාරිසරික පද්ධතියකින් හා ශක්තිමත් ව්‍යාපාරික හවුල්කාර ජාලයක් හරහා එය වඩා දූර්දර්ශී දැක්මක් සහිතව ඉදිරියට ගෙන ගිය බවයි. එම තත්ත්වය තුළ 2022 වර්ෂය වඩා ඵලදායි ප්‍රවේශයක් කරා ගමන්කල හැකි බවත් ය.”

INSEE සිමෙන්ති සමාගමේ අනාගත සැලසුම් පිළිබඳව සඳහන් කරමින් ගුස්ටාවෝ නවාරෝ මහතා තවදුරටත් ප්‍රකාශ කලේ “ආයෝජන සහ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කරමින් පාරිභෝගියන්ගේ සියලුම ඉදිකිරීම් අවශ්‍යතා සම්පූර්ණ කිරීමට තම සමාගමට හැකියාව පවතින බවයි. එමෙන්ම, 2021 වර්ෂය සමාගම සමග ව්‍යාපාරික හවුල්කරුවන් ගොඩනැගූ විශ්වාසය වඩා කැපීපෙනෙන බවත්, 2022 වර්ෂයේදි ද INSEE සිමෙන්ති, වෙළඳපොලේ අංක එක සිමෙන්ති ලෙස තවදුරටත් රඳවා තැබීමට එම විශ්වාසය සහ කැපවීම වඩා හේතුවන බවත් ය”.

INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ් සමාගම1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි.

එමෙන්ම, INSEE සමාගම විසින් සංස්ථා, මහවැලි මෙරීන්, මහවැලි මෙරීන් ප්ලස්, INSEE Rapid Flow, INSEE Rapid Flow Plus සහ INSEE Extra cement යන නිෂ්පාදන INSEE සන්නාමය යටතේ මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය වෙතින් ‘හරිත සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සිමෙන්ති, ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති LMD සඟරාව මගින් ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා ලෙස ගෞරවනීය ආයතන අතරට ශ්‍රේණිගත කර ඇත.

Visits: 79