තායිලන්ත තානාපතිවරයා කොළඹ වරාය නගරයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල් මහතා සහ කොළඹ තායිලන්ත තානාපති කාර්යාලයේ උපදේශක ආචාර්ය ටයාටට් කන්ජනාපිපට්කුල් මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් ඊයේ කොළඹ වරාය නගරයේ නිල සංචාරයක නිරත වූ බව වාර්තා වෙයි.

කොළඹ වරාය නගරයේ පවතින ආයෝජන අවස්ථා සම්බන්දයෙන් දැන ගැනීමේ අරමුණින් මෙම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් පිරිස එහි සංචාරය කළ බව වරාය නගර බලධාරීන් පවසයි.

විශේෂයෙන්ම අනාගතයේදී තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව වර්ධනය කරගැනීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය හරහා ලැබෙන අවස්ථාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම මෙහිදී තායිලන්ත නියෝජිතයන්ගේ අරමුණ වූ බවත් සඳහන් වෙයි.

මෙම අවස්ථවේදී තායිලන්ත නියෝජිතයන් දැනුවත් කිරීම කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් මහතා වෙතින් සිදු කෙරී ඇත.

Visits: 86