Exterminators මූලික මහජන කොටස් නිකුතුව පිළිබඳ ආයෝජක සමුළුව අද 3.30ට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විමට සූදානම් වන අලුත්ම සමාගම ලෙස Exterminators Limited සමාගම සිදු කිරීමට සැලුසම් කර ඇති මූලික මහජන කොටස් නිකුතුව (IPO) පිළිබඳ ආයෝජකයන් දැනුවත් කිරීමේ සමුළුවක් (Investor Forum) අද දිනයේ දී පැවැත්විමට නියමිතව තිබේ.

අද පස්වරු 3.30ට කොළඹදී පැවැත්වෙන මෙම ආයෝජක සමුළුව සජීවීව අන්තර්ජාලය හරහා විකාශය කිරීමට සැලසුම් කර තිබේ.

ලබන මාර්තු 14 වැනිදා Exterminators Limited සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සිදු කෙරේ. ඒ හරහා Exterminators Limited සමාගම සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 10,000,000ක් මිලදී ගැනීම සඳහා විවෘත කෙරෙන බව සමාගම පවසයි.

මෙහිදී එක් කොටසක් රුපියල් 6ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 60ක් (60,000,000ක්) ලෙස ගණන් බලා තිබේ.

මෙම මූලික මහජන නිකුතුවෙහි කළමනාකරුවන් ලෙස Atarah Capital Partners ක්‍රියා කරයි.

මෙම ආයෝජක සමුළුවෙහි දේශකයන් ලෙස රොහාන් සෙනෙවිරත්න (Atarah Capital Partners හි කළමනාකාර අධ්‍යක්ෂ), චමින්ද රත්නායක (සභාපති, විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ Exterminators Limited), මාර්ලන් ෆෙරෙයිරා (කළමනාකාර අධ්‍යක්ෂ, විධායක ස්වාධීන නොවන අධ්‍යක්ෂ Exterminators Limited සමාගම) සහ චන්දන විජේසුන්දර (උප සභාපති ආයෝජන බැංකුකරන Atarah Capital Partners) යන මහත්වරුන් සම්බන්ධ වෙයි.

අද සන්ධ්‍යාවේ පැවැත්වෙන මෙම Exterminators Limited මූලික මහජන කොටස් නිකුතුවෙහි ආයෝජක හමුව වෙත සහභාගිවීම සඳහා ලියාපදිංචිවීමේ ෆෝරමය වෙත shorturl.at/hoxD0 ඔස්සේ පිවිසිය හැකිය.

Visits: 212