ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ පාඨමාලාවක්

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ ඒකකය ප්‍රථම වරට ඩිජිටල් අලෙවිකරණය සහ ව්‍යාපාරික වෙබ් අඩවි නිර්මාණකරණය (Digital Marketing & Ecommerce Web Site Development) පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවක් ආරම්භ කරන බව පවසයි.

රට පුරා විසිරී පැතිරී සිටින තරුණ ව්‍යවසායකයින් සඳහා මෙම පාඨමාලාව පැවැත්වෙන බව එම මණ්ඩලය පවසයි. සති හයක ප්‍රායෝගික පුහුණුව සහිතව මෙම පාඨමාලාව ක්‍රියාත්මක වෙයි.

2022 මාර්තු 25 සිට සෑම සිකුරාදා දිනකම පෙ.ව 9 සිට ප.ව 1 දක්වා (පැය 4) මෙම පාඨමාලාව ක්‍රියාත්මක වෙයි. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, තොරතුරු තාක්ෂණ ඒකකය, ඩිජිටල් පරිගණක මධ්‍යස්ථානයේදී එය පැවැත්වෙයි.

සිංහල මාධ්‍යයෙන් මෙම පාඨමාලාව සිදු කෙරෙන අතර, ZOOM තාක්ෂනය ඔස්සේද මෙම වැඩසටහන සමඟින් එක් විය හැක.

මෙම වැඩසටහන සඳහා සති 6 සඳහාම අයකිරීම රු. 8,500 කි. මෙම මුදල ලංකා බැංකුවේ මොරටුව/ ඉඩම ශාඛාවට ගෙවා 2022, මාර්තු මස 23 වෙනිදාට පෙර බැංකු ලදුපතේ පිටපතක් සමඟ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත ඊ මේල් කළ යුතුව ඇත. වැඩසටහනට පැමිණෙන විට එම බැංකු ලදුපත ඉදිරිපත් කළ හැකිය.

බැංකුව: ලංකා බැංකුව, මොරටුව ශාඛාව, බැංකු ගිණුම: ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, බැංකු ගිණුම් අංකය : 0070034730,

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම් දුරකතන අංක 0775175506 / 0112605372 ඔස්සේ සිදු කළ හැකිය. ඊ මේල්: info@idb.gov.lk

Visits: 98